Saturday, September 8, 2012

බාඳුරා සිහිනය 10

පෙර කොටස බාඳුරා සිහිනය 9


      සැලූන් එකේ ගොඩක් සෙනඟ හිටියා.කොණ්ඩේ කපාගෙන තුෂාරලගෙ ගෙදර යනකොට 3ට විතර ඇති.ගෙදරක කන වෙලාවක් නෙවෙයි නේ ඒ.මට දවල් කෑම මග හැරුණා.ඒත් බඩ නොපිරුණාට හිත පිරිලා තිබුණේ.මගේ රශී බලන්න පුළුවන් නේ කියලා.

      හවස ටිකක් කථාකරලා නාගෙන ඇවිත් තුෂාරත් එක්කම රශීලගේ ගෙදර ගියා.අපි දෙන්නම කථා කරගත්තා "රශීට අඟවමු තුෂාර කිසිම දෙයක් දන්නේ නෑ කියලා."
ආදරේට පොඩි බොරුවක් කරාට කමක් නෑ කියලා මට හිතුනා.අනික තුෂාරට මේ දේවල් කිව්වා කියලා රශීට කිව්වොත් එයා තවත් මාත් එක්ක තරහා වෙයි කියලා මට හිතුණා.

"ලක්මාලි....ලක්මාලි" රශීලගේ ගෙදර දොර වහලා.දොරට තට්‍ටු කරලා තුෂාර කතා කරා.
සද්දයක් නෑ.
"ලක්මාලි........." මම කතා කරා.

ඒත් නිශ්ශබ්දයි.තුෂාර එයාගේ 4n එකට call එකක් ගත්තා.
"ans කරන්නේ නෑනෙ බං."
"ටිකක් හිටපං මං ගන්න."මම ගත්තා එයාට call එකක්.
"හෙලෝ.ලක්මාලි.කොහෙද ඉන්නේ."
"ගෙදර"
"අපි ඉන්නේ ඔයාගේ ගේ ඉස්සරහා.දොර අරින්නකෝ."
"මට බෑ.ඔයාලා යන්න.මට බෑ එන්න ඉස්සරහට." කියන්නේ මොකක්ද කියලා මට හිතාගන්න බැරි වුණා.
"මේ තුෂාරත් ඉන්නවා.එනවකෝ ඉස්සරහට" එහෙම කියලා මං call එක cut කරා.ඒ ගමන්ම මම msg එකක් යැව්වා.
"ඉස්සරහට එන්න.තුෂාර කිසිම දෙයක් දන්නෙ නෑ.ඔයා ආවෙ නැත්නම් ඇයිද කියලා බලයි එයා."



         දොර ඇරුණා.
         රශී නෙවෙයි.
             මගේ රශී වගේම හැඩරුව තියෙන ලස්ස්න කෙල්ලෙක්.මට හිතුණා මේ රශී මට කියලා තිබුණ එයාගේ ගෙදර ඉන්න නංගි චතූ වෙන්න ඇති කියලා.චතූ එයාගේ පුංචිගේ දුව.
       අපි එයා එක්ක ගොඩක් වෙලා කථා කරා.එයාගේ A/L exam එක ලියන දවස් මේ.ඉතින් අපි exam එක ගැන ඇහුවා.මොන දේ ඇහුවත් මගේ හිත තිබුනේ ගේ ඇතුලට.
"අක්කා නානවා.තව ටිකකින් එයි." ගේ ඇතුලට ගිහිපු මගේ බැල්ම දැක්ක චතූ එහෙම කිව්වා.
පැය භාගයකට විතර පස්සේ ආවා.
මගෙ රශී ආවා.
                       ~ඔබ දැකුමෙන් මා නෙතු ලැබුවේ..
                         ඇති ඉහලම සතුටයි මෙලොවේ.....~
                                මට එහෙම හිතුණා.
       රශීගෙ අම්මයි තාත්තයි කොහෙද ගිහින්.එයාගේ චූටි මල්ලි හිටියා.අපි ගොඩක් වෙලා යාළුවෝ වගේ කතා කරා.මම කතා කරේ බොහොම අඩුවෙන්.වැරදුණා.කථාකරන්න අවස්ථාවක් ලැබුණේ බොහොම අඩුවෙන්.රශීයි තුෂාරයි එයාලගේ ගමේ වුණ එක එක දේ ගැන කථා කරා.මම ඒවට සම්බන්ධ වෙන එක තේරුමක් නැති නිසා මං කටවහගෙන හිටියා.
       රශීගෙ මූණේ මං ගැන වැඩි උනන්දුවක් තිබුණේ නෑ කියලා මට තේරුණා.ඒ තුෂාර හිටිය නිසා වෙන්න ඇති කියලා මං හිත හදාගත්තා.

      කොහොම කොහොම හරි ගොඩක් වෙලා කථා කර කර ඉඳලා අපි එන්න හදනකොටම රශීගේ අම්මයි තාත්තයි ආවා.

      අම්ම නම් ටිකක් සැරයි වගේ පෙණුනා.තාත්තා නම් ටිකක් අහිංසකයි වගේ.අපි එන්න කියලා හිතාගෙන නැගිටපු නිසා ආවා.ඒත් අපිට හිතුණා අම්මලා ආපු ගමන්ම අපි ආපු එක වැරදියි කියලා.මොකද අම්මා එහෙම වැරදියට හිතුවොත් කියලා අපි හිතුවා.

      ආපහු තුෂාරලගෙ ගෙදරට ආවා.හවස 5 විතර ඉඳන් රෑ 12 විතර වෙනකං අපි මේ ප්‍රශ්නේ ගැන ගොඩක් කථා කරා.වෙන්න පුළුවන් හැමදෙයක් ගැනම අපි කතා කරා.තුෂාර මගේ හිත ගොඩක් හැදුවා.අපි කථා කරපු විදියට රශී මෙහෙම කරන්නේ හේතු 2කට.

1)මොකක් හරි හේතුවකට රශී ගේ හිත කැඩිලා මගේ අතින්.ඒ නිසා එයාගේ වටිනාකම මට දැනෙන්න අරින්න එයා ගණන් උස්සනවා.
2)මොකක් හරි හේතුවකට රශීට මාව එපා වෙලා එයාගෙ ජීවිතෙන් මාව අයින් කරන්න හදනවා.

                    ඒත් ඒ හේතුව මොකක්ද?
                    ඒක දන්නේ රශී විතරයි.

      --ගෙදර ගිහිපු වෙලාවේ රශී කිව්වා 4n එකේ සල්ලි නෑ කියලා.ඉතින් එයාලගේ ගෙදරින් ආවට පස්සේ එක msg එකක් වත් එව්වේ නැත්තේ සල්ලි නැති නිසා වෙන්න ඇති කියලා මට හිතුණා.හවස 6ට විතර මම රුපියල් 50 ක card එකක් අරන් නම්බර් එක රශීට යැව්වා මට පාළුව ඉවසන්නම බැරි නිසා.
         අනේ...රශී 4n එක off කරලා.6 ඉඳන් 12 වෙනකං msg යැව්වා,call ගන්න try කරා.මම අසාර්ථකයි.--

අගෝස්තු 8
           උදේ රශීගෙන් msg එකක්.
"msg වලට reply කරන්න බැරි වෙනකොට හිතට දුකයි.ඒ නිසා 4n එක off කරා."
"මං card එකක් එව්වා.ආවද කියලා කිව්වෙත් නෑ.ඒක දාගත්තද?"
"මං ඒක දාගත්තේ නෑ.තාත්තගෙන් උදේ රුපියල් 15 ක් දාගත්තා."
දෙයියනේ, මොකක්ද මේ කියන්නේ.මට මේක තේරුනේ මෙහෙම.
"උඹේ card මට ඕනි නෑ.උඹම තියාගනින්." කියනවා වගේ.

      ඒත් ඇයි මෙයා මට මෙහෙම කරන්නේ.අඩුම තරමේ ඒක ඔයා දාගන්න කියලා වත් මට කිව්වේ නෑ.
පිරිලා ඉතිරිලා යන දුකකුත් එක්ක මං ගෙදර එන්න පිටත් වුණා.දිගටම bus එකේ foot board එකේ ආවේ.එතකොට මං හිතන්න පුළුවන් හැම විදියකින්ම හිතලා මගේ හිත හදාගන්න try කරා.පපුවේ ලොකු දැවිල්ලක් ආවා.

ඒක ආවේ මානසික අසහනය නිසාද?
ශාරීරික අසහනය නිසාද?
මට තේරුනේ නෑ.

      foot board එකේදි හැම ප්‍රශ්නෙම අමතක කරන්න try කරා.
එන ගමන් msg එකක් යැව්වා.ආපහු හිතට පොඩිහරි සතුටක් ගන්න හිතාගෙන.
"මං එක සැරේ ගෙදර ආව කිව්වම ඔයාට මොකද හිතුණේ රශී.බය වුණාද?සතු‍ටු හිතුනද? පුදුම වුණාද? දුක හිතුණද? කේන්ති ගියාද? මොකද හිතුණේ....?" මේ msg එක යවලා 4n එක අතේ තියාගෙන විනාඩියෙන් විනාඩිය බල බල හිටියා 4n දිහා.

අනේ...reply එකක් නෑ.
විනාඩි 45 ක් විතර ඉවසුවා.ආපහු msg එකක් යැව්වා.
"ඔයා මට ඇත්තටම ආදරෙයි නේද රශී?"
මගේ තවත් විනාඩි 20 ක බලාපොරොත්තුවක් කඩ වුණා.විනාඩි විස්සක් බලන් හිටියා.
මට ටිකක් කේන්ති ගියා.call එකක් ගත්තා......
 
                                                        මතු සම්බන්ධයි.........................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...