Saturday, September 15, 2012

බාඳුරා සිහිනය 17

පෙර කොටස බාඳුරා සිහිනය 16


අගෝස්තු 13
              මම හිතන්න ගත්තා කොතනින් කොහොම පටන් ගන්නද කියලා.fb එකේ මගේ ගොඩක් හිතවත් යාළුවෙක් හිටියා.රශීගෙ ගෙවල් කිට්‍ටුවම.එයා මගෙත් එක්ක ගොඩක් fit වුණ හොඳ කොල්ලෙක් කියලා මට තේරුණ කෙනෙක්.එයාගෙන් මේකට ආලෝකයක් ගන්න පුළුවන් වේවි කියලා මම හිතුවා.ක්‍රියාත්මක වුණා.

අගෝස්තු 14
               campus එකෙන් යන එක්දින චාරිකාව යන්නේ අනිද්දා.මම ක්‍රියාත්මක වුණා.බඩු ටිකත් සේරම පොදි බැඳගෙන පිටත් වුණා කැකිරාවේ මගේ යාළුවා සුපුන්ගේ ගෙදර.එහේ අද දවසෙම ඉඳන් මේ සම්බන්ධ සාක්ෂි එකතු කරගැනීම තමයි මගේ අරමුණු වුණේ.
              හිතේ තිබුණ හැම දෙයක්ම එක මොහොතින් කියලා දාන්න ගොඩක් අමාරු වුණත් වෙලාව අරන් හෙමිහිට සුපුන්ට මේ දේවල් එකින් එක තේරුම් කරලා දුන්නා.හැමදේම සාධාරණ ඇහැකින් බලපු සුපුන්...
"මචං,ඔය දේවල් හොයන එකෙන් උඹට ලැබෙන දේ මොකක්ද? ඒකිට උඹ එපා නම් තවත් පස්සෙන් ගිහින් වැඩක් තියෙනවද?" මගේ මූනට ලාවට හිනාවක් නැගුණා.

"නෑ මචන්,ඒකි මට කරේ බලු වැඩක් කියන එක මගේ හිතේ තියෙනවා.ඒක ස්ථිර කරගන්නයි මට ඕනි.එහෙම වුණාම මගේ හිතේ තියෙන දුක වෛරයකට පෙරළෙයි.එතකොට මේ දුක දරාගන්න ලේසියි."


"උඹට ඕකෙ අල්ලලා දාපන් කියලා හිතක් නැති එකෙක් වගේ මට කියන්න බෑ.මං ඒත් කියන්නෙ නම් ඕක හොයන එකේ වැඩක් නෑ.ඒත් උඹ කියනවම නම් මං උඹට උදවු කරන්නම්.මොකක්ද කෙරෙන්න ඕනි කියපන්." සුපුන්ට මගේ හැඟීම් තේරුම් ගන්න හරිම ලේසි වුණා.ඇත්තටම කෙනෙක්ගේ දුකේදි උදවු වෙන හැටි සුපුන් හොඳටම දන්නවා.

"මට ඕනි නිරාශ් එක්කයි ජානක එක්කයි කතා කරන්න.මට දැනගන්න ඕනි ඇත්තටම රශී කොහොම කෙනෙක්ද කියලා."

"නිරාශ් එක්ක නම් කතා කරන්න chance එකක් අරන් දෙන්න පුළුවන් බං.ඌත් එක්ක කතා කරන්නත් පුළුවන්.ඒත් ජානක එක්ක කතා කරන්න බෑ බං.ඌ මහ පන්ඩිතයි.අනික ඌ ආශ්‍රය කරන්නේ කුඩු කාරයෝ , ........ කාරයෝ , .........  කාරයෝ.උගේ වටේම උන් පිරිලා.නිකමට හරි උඹ උගෙන් ඇහුවොත් මල්ලි,ඔයා රශී එක්ක යාළු වෙලා හිටියද කියලා ඔව් ඇයි උඹට මොකද කියලා අහන ජාතියෙ එකෙක් ඒ.ඒ නිසා ඒක අතහැරලා දාපන් බං."
මගේ බලාපොරොත්තු කඩ වුණා වගේ දැනුණා.මට හිතුණා රශීට පිස්සුද කියලා මේ වගේ කොල්ලෙක් එක්ක විහිළුවට හරි යාළු වෙන්න.

"හ්ම්....ඒකත් එහෙමද.එහෙනම් මට උගේ 4n නම්බර් එක හරි හොයලා දීපන්."

"හරි මචන්,මං උඹට නිරාශ් ගේ 4n නම්බර් එක දැන් දෙන්නම්.උඹ call කරලා අහපන් ගෙදර ඉන්නවද කියලා.හිටියොත් අපි එහේ යමු."

"හෙලෝ...නිරාශ්ද?" මම ඒ ගමන්ම call එකක් ගත්තා.

"ඔව්,කවුද කතා කරන්නේ." සංවර ශාන්ත කටහඬක්.

"මම රනුක් කියලා කෙනෙක්.දන්නවද දන්නෙ නෑ මාව.මට ඔයාව meet වෙලා කතා කරන්න ඕනි
නිරාශ්.ලක්මාලි ගැන විස්තර ටිකක් දැනගන්න."

"මං උඹ ගැන අහලා තියෙනවා බං.මට උඹට විස්තර කියන්න පුළුවන්.ඒත් මං දැන් නුවර class එකකට ඇවිත් ඉන්නේ.පස්සේ තමයි meet වෙන්න වෙන්නේ.නැතිනම් උඹ රෑ වෙලා call එක දීපන්." මගේ මූණ ඇඹුල වුණා.

"හරි මචන්,එහෙනම් මං පස්සේ call කරන්නම්."
       මගේ මූණ වෙනස් වෙනවා බලං හිටියා සුපුන්....
"ඇයි මචන්,ඌ ගෙදර නැද්ද?"

"නෑ බං class එකකට ගිහින්."

"ම්ම්...එහෙමද.එහෙනම් අපි දැන් ජානකව හම්බවෙන්න බලමු." එහෙම කියපු සුපුන් call එකක් ගත්තා.එයාගෙ තවත් යාළුවෙක්ට.ත්‍රීවීල් එකක් තියෙන කොල්ලෙක්.
Revenge R මෙහෙයුමට එයාගෙ සහයත් අපි ගත්තා.සුපුන් හරි හොඳ කොල්ලෙක්.එයාට උදවු කරන්න විතරක් නෙවෙයි එයාගේ යාළුවන්ටත් උදවු කරන යාළුවෝ ඌට ඉන්නවා.හිත හොඳ උපරිමේටම ගිය කොල්ලෙක්.මට හිතුණේ එහෙමයි.

තුන්දෙනත් එක්කම කැකිරාවෙ town එකට ගියා.

"ඌ town එකේ ඉන්නේ බං නිතරම.ඌව අල්ලගන්න නම් town එකටම යන්න වෙනවා." අපි  town එකට ගියා.හැම අහුමුල්ලකම ජානකව හෙව්වා.ඒත් එයා නෑ.අපේ වාසනාවට ජානකගේ යාළුවෝ සෙට් එකක් ආවා.

"මල්ලී, ජානකයා කෝ....." සුපුන් ඇහුවා.

"ඌ හමුදාවට ගියා අයියේ.අද උදේ ගියේ training එකට."

"අයියෝ....ඒකත් එහෙමද? මට උගේ නම්බර් එක දීපන්කෝ." එහෙම කියලා සුපුන් එයාගේ 4n එකට නම්බර් එක දාගත්තා.

"කරන්න දෙයක් නෑ මචන්.උඹේ අවාසනාව.අපිට දෙන්නටම කතා කරන්න බැරි වුණා.උඹට තියෙන්නේ නම්බර් දෙක විතරයි...."


                                                   
                                                            මතු සම්බන්ධයි.......................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...