Monday, September 3, 2012

බාඳුරා සිහිනය 5

පෙර කොටස බාඳුරා සිහිනය 4


ජූලි 16
        සම්පත් එක්ක town එකට ගිහින් හවස එයාලගේ ගෙදර ආවා-සම්පත් මගේ හොඳම යාළුවෙක්-.සම්පත් රශීගෙත් ගොඩක් හොඳ යාළුවෙක්.රශීගේ උපන් දිනේ ළඟ ලඟම එනවා.ඉතින් Lovers එකට ගිහින් රශීගෙ උපන්දින තෑග්ග අරගෙන ඒක pack කරගෙනම ආවා.

ජූලි 17
        සම්පත් එක්ක අපේ ගෙදර ආවා.ඌ සෑහෙන්න හොඳ කොල්ලෙක්.උපන්දින තෑග්ග ගෙදර අයට නොපෙනෙන්න තියාගත්තා.රෑ වෙනකං ඉඳලා හරිම අමාරුවෙන් Birthday card එක ලස්සන කරා.

ජූලි 21
         හදිස්සියේ campus එකට ගියා කොල්ලොන්ගේ පොඩි function එකකට.එතකොට gift එක room එකේ හංගලා ආවා.කොහොමත් ආයේ campus පටන්ගත්තමනෙ ඒක දෙන්න වෙන්නේ.

ජූලි 28
        එන්න එන්න රශීගෙන් මට එන message (msg කියලා පාවිච්චි කරන්නම්) අඩු වෙනවා.ඇයිද මන්දා ගෙදර උයන්න තියෙන්නේ එයාටලු.ඉතින් උයනවා කියලා පැය 3ක් 4ක් silent වෙනවා.දරන්න බැරි පාලුවක් ඒක.මං ඒක එයාට කිව්වා,තේරුම් කරලා දුන්නා.පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා නැති වුණා වගේ දැනුනා.



ජූලි 29
         රනුක් ගේ ජීවිතේ තීරණාත්මක දවසක්.ඒ ඇයිද කියලා කතාව කියවගෙන යන ඔයාට තේරෙයි.මට මේ පාළුව ගොඩාක් දැනුනා.පුළුවන් වෙලාවට වත් එයා මාත් එක්ක ඉන්නේ නෑ කියලා මට තේරෙන්න අරන් තිබුනා.මං අපි දෙන්නටම පුරුදු සාහිත්‍යමය විදියට ඒක එයාට ආයෙත් කිව්වා.

"ආදරයෙන් මම ඉන්නේ නුඹෙ සඳ රුව බලාගන්න..
 නුඹෙ හදවත සිසිල සදා ඒ හිතවෙත තුරුළු වෙන්න..
 හැකි හැම විට මා හද වෙත ආදරයෙන් ළඟා වෙන්න..
 කවදාවත් එපා මගේ ආදරේට හිනා වෙන්න.."

මොන දේ වුනත් මට දැනෙන දේ වැරදි ඇති කියලා මට හිතුනේ මගේ රශීගේ මෙන්න මේ උත්තරේට.

"අනේ රනූ,මට පිස්සු වගේ.මොනාද මේ කියන්නේ? මම කොහොමද හිනාවෙන්නේ ආදරේට? ඕවා හරියාවි."

අගෝස්තු 1
              රශී  මාව මගහරිනවා වගේ මට දැනෙන්න ගත්තා.ඇයිද කියන්න මට තේරෙන්නෑ.මේ ගැන එයාට මං කිව්වා.එයා කියන්නේ මෙහෙම....

"අනේ රනූ...ඔයාට එහෙම msg එවන්න අමාරුයි නේ.උයන්න ඕනි,වත්තේ වැඩ කරනවා ඒවට උදව් වෙන්න ඕනි.අතේ වතුර තියාගෙන,පස් තවරගෙන phone එක(4n එක කියලා පාවිච්චි කරන්නම්)  අල්ලන්න බෑනේ.අනික මගේ චූටි(මේ එයාගේ අවුරුදු 4ක් වයස මල්ලි)ගේ වැඩ හැම එකක්ම කරන්නේ මම.මේ දවස් වල එයාට අකුරු කියවන්න ඕනි නේ.ඒ නිසා මට ඔයාට msg කරන්න බෑනේ.තරහ වෙන්න එපා බබෝ."


Facebook..........
     
         මගේ ජීවිතේ හොඳ දේවල් ගොඩක් මට ලබාදුන්න තැනක්.විශේශයෙන්ම රශී කොහොම කෙනෙක්ද කියලා අඳුනගන්න මට ගොඩාක්ම පුළුවන් වුනා මූණු පොතට පිං සිද්ද වෙන්න.රශීට facebook account එකක් තිබුනේ නෑ.මම තමයි එයාට account එකක් හදලා දුන්නේ.password එකත් එයා වෙනස් කරේ නෑ.ඒත් මම එයාගේ account එකට ගියේ නෑ.මොකද කෙනෙක්ට පෞද්ගලිකත්වයක් තියෙන්න ඕනි නේ.
strike එක පටන් ගත්ත මුල් දවස් වල අපි මූණු පොතෙන් ගොඩක් meet උනා.එක දවසක් රෑ 10 ඉඳන් උදේ 4 වෙනකන් chat කරා.ඊළඟ දවසේ රෑ 12 ඉඳන් උදේ 5 වෙනකං.අපි මේ තරම් පිස්සු වැටිලා ආදරේ කරන්න පටන් ගත්තා.ඒ chat කරපු එක වෙලාවක මම එයාට කොන්දේසි වගේ කොන්දේසි 2ක් දැම්මා.
( මේ කියවන ගමන් ඔයා කොන්දේසි දෙක මතක තියාගන්න එක කථාව ඉස්සරහට යනකොට ගොඩක් වැදගත් වෙයි.ඇත්තටම කථාවක් වගේ මගේ මුළු ජීවිතේම ලියවෙන හැටි..............)

                                                               මතු සම්බන්ධයි.......

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...