Tuesday, September 25, 2012

බාඳුරා සිහිනය 26

පෙර කොටස බාඳුරා සිහිනය 25


"උඹට පිස්සුද බං.....?" ආයෙත් මගේ හිත අහනවා.

"නෑ ඊට පස්සේ මම ඒකිට ආදරේ මොකක්ද කියලා දැනෙන්න අරිනවා.මම මුකුත් බලු වැඩක් කරන්නේ නෑ.ඒත් මම 'ආදරේ නැති වුණොත් ඉන්න බෑ' කියලා හිතෙන තැනට වෙනකං ඒකි අරං යනවා.ඊට පස්සේ මං දැනගත්ත හැම ඇත්තක්ම  කියලා ඒකිට බූට් එක දෙනවා."


plan number 3
         
         අවශ්‍ය පසුබිම හරිගස්සලා රශීව මුනුගැහිලා මේ හැමදේම කියන එක තමයි මගේ තුන්වෙනි සැලසුම වුණේ.ඒත් ඒක කොච්චර දුරට හරියයිද කියන එක ගැන මමයි කවිශ්කයි ගොඩක් කථා කරා.

"උඹට හිතෙන හැටියට මේ හැමදේම ඒකිට කිව්වම ඒකි මොන වගේ හැසිරෙයිද?"

"උඹ මොනා කිව්වත් ඒකි නිවැරදි වෙන්න හදයි මොකක් හරි කෙහෙල්මලක් කියලා."

"තව?"

"ඒකි උඹේ අනුකම්පාව ගන්න උඹ ඉස්සරහා අඬයි."

"තව?"

"උඹ මේ දේවල් හොයපු එක ගැන කියලා උඹට බනියි."

"තව?"

"කැළුම් නිසා නෙවෙයි උඹව අතහැරියේ කියලා කියයි.මොකද ඒක එහෙමයි කියලා කියන්න උඹ ලඟ සාක්ෂි නෑ නේ."

"ම්....ඔව්.ඒකත් ඇත්ත.තව?"

"හැමදේම පිළිඅරන් කරබාගෙන ඉඳියි."


"ඔව්.මට හිතෙනවා.මේ හැමදේම ඒකිට කියලා බලන්න.ඒකත් challenge එකක් විදියට හිතනවා මම.හැබැයි ඒකි ගෙදරට කිව්වේ නෑ කියන එක ඔප්පු කරගන්නත් මට ක්‍රම දෙකක් තියෙනවා."

"ඒ මොනාද බං?"

          "මම රශීලගේ ගෙදර යනවා බං.ගිහින් එයාගේ අම්මව meet වෙනවා.ඊට පස්සේ මේ ගැන කථා කරනවා. රශී ඒ ගැන ගෙදරට කියලා නැති නම් ඒක මට දැනගන්න පුළුවන් නේ එතකොට.ගෙදරට කියලා නම් අකමැති වෙන්න හේතු කථා කරන්න පුළුවන් නේ.
            එහෙම නැති නම් මම එයාලගේ අම්මට call එකක් දෙනවා.call කරලා මේ ගැන විස්තර අහනවා.එතකොට මට දැනගන්න පුළුවන්නේ ඇත්තටම ගෙදරට කිව්වද නැද්ද කියලා."

"පළවෙනි එක නම් කරන්න එපා බං.ඇයි ඒ ගෙදරට ගිහින් උඹ නිකං බාල්දු වෙන්නේ.වැඩක් නෑ බං.ඕක අල්ලලා දාපං.මේ විස්තර ටික කිව්වම ඇති."

"ඔව් බං.මමත් එහෙම හිතනවා."

        පළිගැනීමේ ක්‍රම මහ ගොඩක් හිතුවට ඒ හැම ක්‍රමේටම වඩා උපේක්ෂා සහගතව ඉවසන එක හොඳයි කියලා මට අන්තිමට හිතුණා.හැම වැ‍රැද්දම රශීට පැහැදිලි කරලා දීලා ආයේ එයත් එක්ක කිසිම සම්බන්ධයක් නැති තැනට මං පත් වෙන්න ඕනි කියලා මම හිතුවා.ඒත් මේ මොන දේ කරන්නත් රශීව මුණ ගැහෙන්න ඕනි.

      මම ආයෙත් කිසිම හැඟීමක් නොදැනෙන තත්වයට පත්වුණා.
තරහක්.
දුකක්.
වේදනාවක්.
බයක්.
             කිසිම දෙයක් තිබුණේ නෑ.

   රශීට සමාව දෙන්න ඕනි.ඒ අදහස මගේ හිතේ තදින්ම තිබුණා.කාවැදුණා.

                                                                     
                                                           *  *  *  *  *  *  *  *

        දවස් දෙක තුනක් ගත වුණා.රශී තවමත් මට msg එවනවා.'යාළු fit එකෙන්'
       මට මේ ඉවසීම තවදුරටත් කරන්න බෑ.මම msg එකක් යැව්වා.

"රශී,මට ඔයා පුළුවන් තරම් ඉක්මනට මුණගැහෙන්න ඕනි.මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.ඒක 4n එකෙන් කියන්න බෑ.meet වෙන්නම ඕනි." මම පොඩි මානසික තර්ජනයක් කරා.මේ තර්ජනය කරන ඕනි කෙනෙක්,කියන්න තියෙන දේ මොකක්ද කියලා දැනගන්න කං ලොකු කුතුහලයකින් ඉන්නවා කියන එක මම අත්දැකීමෙන්ම දන්නවා.ඒකයි මම මේ ක්‍රමේ පාවිච්චි කරන්න හිතුවේ.

"කොහොමද රනූ මම ඔයාව meet වෙන්නේ.ළඟදී campus පටන් ගන්නේ නැති වෙයි නේ."

"ඔයා අනුරාධපුරේට එන්න.නිදහසේ කථා කරන්න පුළුවන් තැනක් මම දන්නවා."

"මම ළඟදී නැන්දලාගේ ගෙදර එනවා.ඒ එනකොට පුළුවන් වුණොත් meet වෙමු."

"බෑ.එහෙම බෑ.මට ස්ථිරවම කියන්න ඕනි.හරියටම දවස වෙලාව කියන්න.මේක ඔයාගේ ජීවිතේට බලපාන ඔයාගේ දෙයක්."

"මොකක්ද ඉතින් ඔය කියන්න තියෙන්නේ.4n එකෙන් කියන්න බැරිද?"

"බෑ."

"හරි.හෙට මම එනවා අනුරාධපුරේ.1ට විතර ඔයා town එකට එන්න.අපි town එකේදි meet වෙමු."

"හරි.මම එන්නම්.එහෙනම් හෙට හරියටම 1ට...."

        මගේ හිතට හරිම සැනසීමක් දැනුණා.
හෙට....
         මොන වගේ දවසක් වෙයි ද? මම කියන්න ඕනි දේවල්,පිළිවෙල plan කරා.මගේ හිතේ තරහක් නැති වෙන්න ඕනි.ඇත්තටම තියෙන්නේ උපේක්ෂා සහගත සිතුවිල්ලක්.පලිගන්න හිතාගෙන මේ හැමදේම හෙව්වට මගේ හිත දැන් පුදුම විදියට වෙනස් වෙලා.එයාගේ හිතේ මං ගැන තරහක් ඇති නොවෙන විදියට මේ හැමදේම කියන්න ඕනි.

                                                                *   *   *   *   *   *   *   *

දවස් ගානක් තිස්සේ බලාගෙන හිටපු දවස උදාවුණා.මම අනුරාධපුරේ bus stand එකට වෙලා එන එන හැම බස් එකකම රශීව හෙව්වා.

1...., 1.15...., 1.30.....

රශී නෑ.......


                                                                  මතු සම්බන්ධයි.......................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...