Tuesday, September 18, 2012

බාඳුරා සිහිනය 20

පෙර කොටස බාඳුරා සිහිනය 19


"ලැජ්ජ නැතුව උඹට ඒ affair එක ගැනත් කිව්වා නේ..."

"අනිවා (පොඩි හිනාවක්)....ඊට පස්සේ ඒක නවත්තලා..අරූ මචං රස්තියාදුකාරයෙක්.town එකේ බීල නිතරම ඉන්නේ.ආශ්‍රය කරන්නේ කුඩු කාරයෝ,ගංජා කාරයෝ, ...... කාරයෝ...."

"ඌත් එක්ක කොහොමද දන්නෙ නෑ මේකි හිටියේ."

"ඒක තමයි මමත් හිතන්නේ මචං.මට ඒක sure නෑ.ත්‍රීවීල් එකක දාගෙන ගියා කියලා ආරංචියක් තියෙනවා.මං ඉතින් ඕවා අහන්න ගියෙත් නෑ.වැඩක් නෑනෙ බං."

"ඉතින්....."

"එච්චර තමයි ඉතින් මම දන්නේ බං...."

"මාර කෙල්ලෙක්නේ.මාත් එක්ක කිව්ව බොරු ටික බලපංකෝ.."

"වැඩක් නෑ බං.ඒකි බං මාව අතහැරියා.campus යනකොට මාව අතහැරියේ මං ලඟ නෑනේ.ඒ නිසා වෙන කොල්ලෙක් එක්ක යාළු වෙන්න පුළුවන්නේ ඒකයි.ඒක තමා සිද්දිය.."


"නැතුව මේ උඹේ affair එක මාට්‍ටු වුණ නිසා නෙවෙයි නේ..ඒ වුණාට බං හැමෝම හිතං ඉන්නේ බං,උඹ වෙන කෙල්ලෙක් එක්ක set වෙලා ඒකිගේ අතටම මාට්‍ටු වෙලා ඒකි love එක නැවැත්තුවා කියලා."

"එහෙම තමයි ඉතින් හිතන් ඇත්තේ.මම ඔය කෙල්ල නැති වුණා කියලා දුක් වෙන්නේ නෑ බං.මම ආයෙත් කෙල්ලෙක් හොයාගන්නවා.ඒක ඇත්ත.ඒ හින්දා වෙන්න ඇති කොල්ලෝ එහෙම හිතන් ඇත්තේ.දැන් ඉන්නවා මට කෙල්ලෙක්."

"අඩෝ බලපං බං.මාත් ඔය ඇණේම කෑවනේ බං."

"අවුලක් නෑ.දැන් ඕක අමතක කරපං.වැඩක් නෑ ඒක කථා කරලා.මම හිතුවේ බං උඹ මගෙන් අහන්න යන්නේ,දැන් යාළු වෙන්න හදන නිසා ඒ ගැන තොරතුරු දැනගන්න කියලා.එහෙම වුණා නම් මං උඹට මුකුත් නොකියා ඉන්නයි හැදුවේ.ඒත් එහෙම නෙවෙයි කියලා තේරුණාමයි මං උඹට මේ දේවල් කිව්වේ."

"අනේ නෑ බං.මට ඕනි දැන් මේ හිත හදාගන්න.ඒකයි මේ දේවල් හෙව්වේ.ඒක නෙවෙයි....මේකි බං මීටර් වලට කැමති ගතියක් තියෙනවා නේ."

"ඔව්.ඔව්.මගේ A9යි Bඑකට,උඹේ A/L result එකට.එහෙම එකක් මේකිගේ තියෙනවා.මේකි ප්‍රසිද්ධ උන්ට මාර කැමතියි.මං 1st shy එක කෙලවගත්තෙත් ඕකි නිසා තමයි."

"ඒක තමයි බලපන්කෝ..මචං ගොඩක් thanks මේවා කිව්වට. මං තියන්නම් මචං එහෙනම්."

"ok ok.එහෙනම් බුදුසරණයි..."

"බුදුසරණයි"

    රශීගේ වෙස්මූණ පොඩ්ඩ පොඩ්ඩ ගැලවෙන්න පටං අරන් මං ඉස්සරහම.මේ මොකද වෙන්නේ...මට හිතාගන්න බැරි වුණා.ඒත් මගේ හිතේ කුරිරු සතුටක්.තමන් පණ වගේ ආදරේ කරපු කෙනට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන් සාක්ෂි එකින් එක මං ලඟ එකතු වෙන්න පටන් ගත්තා.ඒක මට සතුටක් වුණා.බලාපොරොත්තු ඉෂ්ඨ වීමක් වුණා.

"මේකි ඇයි මට මෙච්චර බොරු කිව්වේ....." මගේ හිතට වද දීපු ප්‍රශ්නේ තමයි ඔය.
මාව රවට්ටපු හැටි.
"රනූ නිරාශ්ව හම්බ වුණේ බස් එකේ දි විතරයි..
 ඒ මල්ලිත් එක්ක කලේ බොරු රඟපෑමක් විතරයි."
රශීගේ රඟපෑම්....
රශීගෙ බොරු...

      ඒත් නිරාශ් කියපු දේ බොරු වෙන්නත් පුළුවන්.මගේ හිත හදන්න එහෙම නැත්තන් තවත් බිඳින්න නිරාශ් බොරු කිව්වද දන්නෙ නෑ.තවත් රශීව නිවැරදි කරන්න මගේ හිත මටත් හොරා උත්සාහ කරා.

ජානක...........
ජානකගේ 4n නම්බර් එක dial කරා.
"ඔබ ඇමතූ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත."
දිගින් දිගටම  dial  කරා.ඒත් පුරුදු වාදනේ ගියා මිසක් අළුත් දෙයක් නෑ.

      මගේ බලාපොරොත්තුවක් මොහොතකට බිඳ වැ‍ටුණා.ඒත් මං උත්සාහය අත හරින්නේ නෑ.පස්සේ හරි try කරනවා,
       
             "Never say never......"
හිත හදාගන්න මම නිතරම අහන සින්දුව.ඒක ආපහු play කරා,handsfree එක ගහගෙනම.

    කල්පනා කරා ආයෙත්......................

     ගෙදරින් අකමැතියි.එහෙම නැත්නම් අම්මා අකමැතියි කියන 'බොරුව' කියන්න මට කියපු දාහක් දේ මට මතක් වුණා.ඒක මගේ හිතට කාවද්දන්න රශී කියපු දේවල්.
ඉස්සෙල්ලම මම බාලයි කියන දේ එයා මතු කරා.මම කොණ්ඩේ කැපුවම ළාබාල පෙනුමක් එනවා කියලා          අපේ  අම්මා  කියනවා. එයා ඒ මගේ පෙනුම එයාගෙ ඒ කරුණට use කරා.
ඊළඟට මම පහතරට කියන එක එයා use කරා.
ඊළඟට අම්මලා එනකොටම අපි ගෙදරින් පිටවුණ එක use කරා.
    ඊටත් පස්සේ මගේ දුර්වලතා නැතුව එයාගේ දේවල් කියන්න ගත්තා.
ගෙදර තියෙන අඩුපාඩු ගැන කියෙව්වා.ගෙදර සල්ලි ප්‍රශ්නයක් කියලා එයා කිව්වේ කියන්න දෙයක් නැති කමට කියලා මට හිතුණා.
   ඒ සල්ලි ප්‍රශ්න තියෙන කෙනාම තමයි එදා මටත් එක්ක රුපියල් 400ක් දෙන්න හැදුවේ.
   ඒ සල්ලි ප්‍රශ්න තියෙන කෙනාම තමයි මාසෙකට සැරයක් කොණ්ඩෙට රුපියල් 400 ගානක්,ඇහිබැමට රුපියල් ...... ගානක් වියදම් කරන්නේ.
   මම හිතන විදිය ගොඩක් ප‍ටුයි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්,ඒත් කේන්තියට මගේ හිතට ආපු     සිතුවිලි වලට සීමා මායිම්,මානුෂික අමානුෂික,හරි වැරදි බවක් තිබුණේ නෑ.

ඊළඟට අම්මා මේ affair එක නවත්තන්න කියලා ඇඬුව බව මට කිව්වා.
ඊටත් පස්සේ එයා අන්තිම තුරුම්පුවත් ගැහුවා.නංගිගේ මරණයේදි නංගි එයාට කිව්වා කියපු දේ එයා use කරා.

 Revenge R game එකේ mission 4යි.
-නිරාශ්ගෙන් සත්‍ය දැනගැනීම
-ජානකගෙන් සත්‍ය දැන ගැනීම.
-ගෙදරින් අකමැතියි කියා බොරුවක් ගෙතීමට හේතුව දැන ගැනීම.
-රශී මුණගැසීම.

      ඒ mission හතරෙන් පළවෙනි එක සාර්ථකයි.ඉතුරු තුනට පියවර තියන්න ඕනි.

ඒත් කවුද හිතුවේ මේ game එකේ පස්වෙනි mission එකකුත් තියේවි කියලා.

                                                          මතු සම්බන්ධයි.................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...