Monday, September 10, 2012

බාඳුරා සිහිනය 12

පෙර කොටස බාඳුරා සිහිනය 11


  හවස ආපහු අම්මා ආවා.මම 4n එක ගැන ඇහුවේ නෑ.කොච්චර ඇහුවත් අම්මට ඕක මතක නෑ කියලා මං දන්නවා.
"අනේ පුතේ මට දැනුත් අමතක වුණා නේ."
"කමක් නෑ අම්මේ.හෙට උදේ ටිකට් කපයි." මං එහෙම කිව්වට මට අම්මා ගැන තරහකුත් ආවා.ඇයි දෙයියනේ,මෙච්චර කියලත් අම්මට මේක මතක නැති හැටි.
     අම්මා ගියාට පස්සේ ඩොක්ටර් වාට්‍ටුවට ආවා.ඔයා හෙට discharge කරන්න පුළුවන් වෙයි.
"ඩොක්ටර්,ගැස්ට්‍රයිටීස් නේද?"
"කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක් නේ."ඩොක්ටර් පල් හිනාවක් දාලා ඇහුවා.
"නෑ ඩොක්ටර්.එක සැරේ මට කන්න බැරි වුණා."බිම බලාගෙන මං කිව්ව බොරුව ඩොක්ටර් ට තේරුනා වගේ.
     මම දවසක්ම silent නේද? මට එක සැරේ ඒක මතක් වුණා.රශී බලනවා ඇති මගෙන් msg එකක් නැත්තේ ඇයිද කියලා.ඇත්තටම මගේ යටිහිතේ ඒක තිබුනා.ඒකනේ 4n එක ගැන වෙහෙසුනේ.ඒත් ඒක මතු වුණේ දැන්.
ළඟ ඇඳේ හිටියේ ටිකක් මැදි වයසේ මාමා කෙනෙක්.ඒ මාමාගෙන් 4n එක ඉල්ලගත්තා.

"රශී,කලබල වෙන්න එපා.මම ඉන්න තැන 4n එක නෑ.මම යාළුවෝ ටිකක් එක්ක පොඩි වැඩක්.
                                                                                                                                      -රනූ"


      රශීගෙ අංකය ගැහුවා.ඒ msg එකෙන් මගේ හිත ටිකක් නිදහස් වුණා.රශීගේ පපුව පිච්චෙන්න ඇති.පපුව රිදෙනවා කියලා මම යැව්ව msg එකෙන් පස්සේ එක msg එකක්වත් නෑ නේ මගෙන් එයාට.බයේ ඉන්න ඇත්තේ.යන්තම් ඒකත් හරි.
      මම hospital කියන්නේ නැතුව පොඩි බොරුවක් කිව්වා තමයි.ඇත්ත කිව්වා නම් රශී තවත් කලබල වෙයි කියලා මම හිතුවා.ඒකයි එහෙම කිව්වේ.හෙට ගෙදර ගිහින් ඇත්ත කියනවා.

      රෑ පුරා මගේ හිත එක එක විකාර වලින් පිරුණා.රශී මට මෙහෙම කරන්නේ එයාට වෙන කොල්ලෙක් set වුණ නිසා වත්ද? නෑ මගේ රශී මට එහෙම කරන්නේ නෑ.ඒක කොහෙත්ම වෙන්න බෑ....
     ඒත් මොන දේ වුණත් චූටි මට මෙච්චර රිදෙව්වේ නෑ.මෙච්චර මගේ හිත තැලුවෙත් නෑ.මාව මේ විදියට මගහැරියෙත් නෑ.

             දුවන් මුවන් දැක නොදමව් නෙළූ පලා.....
             මට සින්දුවක කෑල්ලක් මතක් වුණා.

     රශී මුණ ගැහුන නිසා මම චූටිව අමතක කරාද කියලා මං මගේ හිතෙන් අවංකවම ඇහුවා.
     නෑ.රශී ඒකට බලනොපෑවා නෙවෙයි.ඒත් රශී මුණනොගැහුනත් අපේ වෙන්වීම දෛවයේ ලියවිලා තිබුනා කියලා මට හිතුණා.රශී ඒකට උත්ප්‍රේරකයක් වුණා විතරයි.ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාව වැඩි කරා.ඒ කිව්වේ මගෙයි චූටිගෙයි වෙන්වීම ඉක්මන් කළ එක විතරයි.රශී නිසා වුණේ.
   

    ඔය අතරේ රශීගෙයි මගෙයි ලස්සන අතීතෙ ලස්සනම ලස්සන දවසක් මට මතක් වුණා.

      එදා අපි දෙන්නම campus එකේ ඉඳන් ගෙදර එන්න පිටත් වුණේ හවස බස් එකේ.අනුරාධපුර අවසාන බස් එක පිටත් වෙන්නේ 3.30 ට.ඒත් එදාම ඒ බස් එක නෑ.ඉතින් ගමනාන්තයටම යන්න බැරි වුණත් දඹුල්ලට යන බස් එකකට අපි ඉක්මනටම ගොඩ වුණා.එතනින් අනුරාධපුරේට යන බස් එකක් තියෙයි කියලා අපි හිතුවා.රශී බස් එකෙන් බැස්සට පස්සෙත් මට තව පැය 2ක විතර දුරක් යන්න තියෙනවා.මගේ ගමනට පැය 5ක් විතර යනවා.
      බස් එකට නැග්ග ගමන් රශී කෙලින්ම ගියේ පිටිපස්සේ seat එකට.'පෙම් මුල්ලට'.මට ටිකක් පුදුම හිතුණා.චූටි ත් එක්ක බස් එකට නැග්ගම එයාට දහසැරයක් කියන්න ඕනි ඒ seat එකට යන්න.එයා ඒ තරම් ලැජ්ජයි.ඒත් රශී මාත් එක්ක කෙලින්ම එතනට ගිය විදියෙන් මට මොහොතකට හිතුණා 'මේ අත්දැකීම් නිසාද' කියලත්.
      බස් එක ගමන පිටත් වුණා.මං මගේ ජීවිත කතාව රශී ඉස්සරහ දිගහැරියා.තමන් ආදරේ කරන කෙනාට කිසිම දෙයක් හංගන එක හොඳ නෑ කියලා මං තදින්ම විස්වාස කරා.මගේ කථාව රශී ඇස් ලොකු කරගෙන අහගෙන හිටියා.එයා මට ගොඩාක් ලංවුණා.ආදරේ පිරුණු ඇස් දෙකෙන් රශී මගේ දිහා බලන් හිටියා.

"ඔහොම බලන් ඉන්න එපා රනූ.මට මාව පාලනය කරගන්න බෑ." මමත් රශී දිහා ගොඩක් වෙලා එකදිගට බලන් ඉන්නකොට රශී මට එහෙම කිව්වා.
    බස් එකේ ඉන්නේ අපි දෙන්න විතරයි කියලා අපි දෙන්නටම හිතුනේ දැනුනේ.
    රශීගේ ඇස් වල අමුතු ලස්සනක් තිබුණා.ඒ ලස්සනකට වඩා ආකර්ෂණීය බවක් කියලා මට හිතුණා.එක පාර රශී ඇස් උස්සලා බලන බැල්මට මට ගොඩාක් ආදරේ හිතුණා.මේ ඇස් හැමදාම මගේ නේද කියලා හිතනකොට මට හිතුණා මේ මුළු ලෝකෙම නැතත් කමක් නෑ කියලා.
    බස් එකේදි රශීයි මමයි හිතාගන්න බැරි තරම් ලං වුණා.ඇත්තටම මට හිතාගන්න බැරි වුණා මම එහෙම ලංවුණා ද කියලාවත්.මම ලං වුණා ද රශී මාව ලං කරගත්තද කියලා මට නොහිතුණා නෙවෙයි.

    බස් එක දඹුල්ලට එනකොට රෑ 7යි.බස් stand එකේ හිටපු අයගෙන් දැනගත්ත විදියට කොලඹ ඉඳන් එන කැකිරාව බස් එකක් 8ට පිටත් වෙනවා.ඒත් ඒක sure නෑ.අපි 8 වෙනකං පාර අයිනේ හිටගෙන හිටියා.පොඩිකාලේ ඉඳන් දුප්පත්කම අපිට බැට දෙන හැටි,ඒ අඩුපාඩු මැද මං ඉගෙන ගත්ත හැටි,කවදාහරි මේ දුක්ග‍ඟෙන් අම්ම තාත්තා බේරගන්න හැටි,හැමදේම මම අවංක හිතෙන් රශීට කිව්වා.මගේ ඒ කතාව දුක හිතෙන එකක් කියලා මට තේරුණේ නෑ.ඒත් රශී ගේ ඇස් වල කඳුළු පිරුනා මගේ කථාව අහන් ඉන්නකොට.
   රශී මගේ ඇඟට තවත් හේත්තු වුණා.එයා මගේ ඇස් දිහාම බලං හිටියා.

"මට ඔයා ගැන ආඩම්බරයි රනූ.ඔයා ඔයාගේ අම්මට තාත්තට හයියක් මගේ රනූ.අපි ගොඩාක් ලස්සන අනාගතයක් හදමු." එයා එහෙම කියනකොට මට හිතුණා කවදහරි මගේ ජීවිතේට ලොකු හයියක් වෙන්න රශීට පුළුවන් කියලා.

      8 වුණා.
      8.15.
      8.30.
      ඒත් තාම බස් එක නෑ.අපි ගොඩක් බය වුණා.මට නම් stand එකේ හරි නිදාගන්න පුළුවන්.ඒත් රශී..........මම බය වුණේ ඒකයි.
      කැකිරාවට යන්න 10 ක් 15 ක් විතර අපි ඉන්න තැනම පාර අයිනේ හිටියා.තාමත් රශී මගේ ඇඟට හේත්තු වුණ ගමන්මයි.

      එක පාරට වෑන් එකක් ආවා.

                                                         මතු සම්බන්ධයි................

3 comments:

  1. SUSPENSE Continue...
    -සුදු වැන් එකක්ද බං ආවේ?

    ReplyDelete
  2. මොනා වෙයිද මංදා නේ......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...