Saturday, September 22, 2012

බාඳුරා සිහිනය 24

පෙර කොටස බාඳුරා සිහිනය 23


"මචං,උඹ අද ගෙදර යනවද?" කැළුම් ගේ කාමරේට ගිහින් මම ම කථාව පටන් ගත්තා.ඒත් ඊට වඩා දෙයක් මට අහන්න තිබුණේ නෑ.

"ඔව් මචං,තව ටිකකින් මම යනවා.උඹ යන්නේ නැද්ද?"

"මමත් යනවා බං.මම මේ ලැහැස්ති වෙලාම ආවේ.ඊට කලින් උඹව meet වෙලා යන එක හොඳයි කියලා හිතුණා."

"ඒක හොඳයි බං.මට උඹෙන් අහන්න දෙයක් තියෙනවා."

"මොකක්ද බං?"

"රශී කැමති පාට මොකක් කියලද උඹට කිව්වේ?" මට හරි පුදුමයි.එක සැරේ කැළුම් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවේ.

"රෝස පාට.ඇයි බං?"

"ඉතින් බලපං.මට කිව්වේ කහපාට කියලනේ." මට තරහක් එක්ක පොඩි කුරිරු සතුටක් ආවා.මට වගේම කැළුම්ටත් මේකි බොරු කියලා.මේකි මේ විදියට කොල්ලෝ අමාරුවේ දාන හැටි.හරියට බාඳුරා මලක් වගේ.
     
 මට ටිකක් වෙලා හිනා ගියා.

"ඇයි යකෝ හිනාවෙන්නේ?" ඒක ඇහුවේ නම් කේන්තියෙන් නෙවෙයි.

"නෑ නෑ බං.එහෙම නෝන්ඩියකට හිනා වුණා නෙවෙයි.උඹයි ඒකියි fb එකේ chat කරේ නැද්ද?" මං එහෙම ඇහුවේ මම check කරපු වෙලාවේ කැළුම් ගේ නම chat list එකේ නොතිබුණ නිසා.


"නෑ බං.අපිට සිග්නල් අඩුයි ටිකක්.ඒ නිසා අපි msg කරා 4n එකෙන්.ගොඩක් කල් msg කරා යාළුවෝ වගේ.ඒත් පස්සේ මට හිතුණා ඒක ලව් එකකට හැරෙනවා වගේ.උඹට මං  ඊයේ වැඩි විස්තරයක් කිව්වේ නෑ බං.මම ඊයේ රෑ පුරාම ඔය ගැන කල්පනා කරා.මට තේරුණා මම මේව උඹට නොකිව්ව එක වැරදියි කියලා."

"මොනාද බං?" මගේ හිතේ කුතුහලය නලියන්න ගත්තා.

"මම ඒකිගෙන් යාළුවෙන්න ඇහුවේ 29."

"මොකක්.ඒකි වෙනස් වෙන්න පටන් ගත්තේ එදා ඉඳන්නේ."

"ඒක තමයි බං.උඹ කිව්වම මට ඒ දෙක අතර සම්බන්ධයක් පෙනුණා.ඒකයි මං උඹට කිව්වේ."

"හ්ම් හ්ම්...ඉතින් එතකොට ඒකි උඹට මොනාද කිව්වේ?"

"මට මාසයක් කල් දෙන්න කියලා කිව්වා."

"යකෝ...මේකි  මරන්න ඕනි නේ.ඉතින් ඔය මාත් එක්ක යාළු වෙලා ඉන්න කාලෙමනේ."

"හිටපන්කෝ මම කියනකන්.මට 3 වෙනිදා හරි 4 වෙනිදා හරි ඕකි කිව්වා රනුක් එක්ක affair එකක් තිබුණා.ගෙවල් වලින් අකමැති නිසා ඒක නවත්තන්න වුණා කියලා."

"ඉතින් යකෝ මේකි මට ඒක කිව්වේ 10 වෙනිදා නේ.ඊටත් කලින් උඹට කියලනේ ඒක." මට තරහා පිරුණු හිනාවක් ආවා.

"ඒක තමයි කියන්නේ බං"

"හරි බං.මට දැන් වැඩේ තේරුණා."
       
මට හැමදේම එකින් එක ලස්සනට තේරෙන්න ගත්තා.

      හරියට මම හිටිය අන්ධකාරයට ලොකුම ලොකු ආලෝකයක් ඇවිත් මට හැමදේම හොඳටම පැහැදිලිව පෙනෙන්න ගත්තා.
      එක දිගටම ගොඩක් මිත්‍රත්වයකින් මිත්‍රත්වයකට එහා ගිය බැඳීමකින් කැළුම් සහ රශී msg කරා එකිනෙකාට.ඊට පස්සේ ජූලි 29 වෙනිදා කැළුම් රශීගෙන් යාළුවෙන්න ඇහුවා.එදා කැළුම්ට රශී උත්තර දුන්නේ 'මට මාසයක් කල් දෙන්න' කියලා.ඒ මාසෙක කාලේ එයා ඉල්ලුවේ මගෙන් වෙන් වෙන්න.ඒ වගේම මගෙන් වෙන්වෙන්න හේතුවක් හදාගන්න.
        ඒ හේතුව හදාගන්න වෙන ක්‍රමයක් නොතිබුණ නිසා එයා ගෙදර වැඩ පිටින් දාලා දිගින් දිගටම මට msg එවන එක අඩු කරා.මගේ call වලට ans කරන එක අඩු කරා.ඒක මට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා එයා දැනං හිටියා වගේම,ඒකට මම ප්‍රශ්නයක් ඇති කරනවා කියලත් එයා දැනං හිටියා.එයාගෙ ඒ අරමුණ මම ඒ විදියටම ඉෂ්ඨ කරලා දුන්නා නේද කියලා මට මං ගැන තරහක් ඇති වුණා.
       මගෙයි රශීගෙයි affair එකට ගෙදරින් අකමැතියි කියලා රශී මට කිව්වේ අගෝස්තු 10 වෙනිදා.ඒත් ඒ බව කැළුම්ට කියලා තියෙන්නේ අගෝස්තු 3 වෙනිදා.ඒක කොච්චර ලොකු විහිලුවක්ද?
       දිගින් දිගටම රශීගේ msg අඩුවුණ නිසා,මට එයා call නොකරපු නිසා මම එයා බලන්න ඕනි කියලා හිතලා එයාගේ ගෙදර ගිහිපු එක අන්තිම තුරුම්පුව විදියට පාවිච්චි කරා.ඒ නිසා මට රශීගෙ ගෙදරින් අකමැති වුණා කියන එක එයා මට තදින්ම කිව්වා.
        කොහොමහරි මාසයක් කල් දෙන්නම් කියලා කැළුම්ට කියපු රශී සති 2ක් ඇතුලත මාව අයින් කරලා දාන්න තරම් දක්ෂ වුණා.පනින රිලවුන්ට ඉනිමං බඳින්න තරම් මම මෝඩ වුණා.
        පටන්ගත්ත දවසේ ඉඳං මාව බොරුවෙන් රවට්ටන්න උත්සාහ කරා.ඒ බොරුව මතින් දිගටම දුවපු මේ ආදර කථාව තවත් ලස්සනම ලස්සන සැලසුම් සහගත බොරුවකින්ම කෙළවර කරන්න රශී දක්ෂ වුණා.හැබැයි ඒ එක මොහොතකවත් රශී හිතන්න නැතුව ඇති මම මේ හැමදේම හොයයි කියන එක.මේ හැමදේම මම දැනගත්තම එයාට මොන වගේ ඉරණමක් අත් වෙයිද කියන එකත් හිතන්න නැතුව ඇති.
     
         කැළුම්ට මට හිතුණ හැමදේම පැහැදිලි කරලා දීලා රශීගේ අවධානම් බවත් පැහැදිලි කරලා මම කැළුම්ගෙන් සමුගත්තා.ගෙදර එන බස් එකට මම ගොඩ වුණා.බස් එක ඇතුලෙදිත් මම කල්පනා ලෝකෙක.
        මේ හොයාගත්ත දේවල් වලින් මට ප්‍රයෝජනයක් තියෙනවද? රශීගේ චරිතය ඝාතනය කරන්න පුළුවන් තරම් සෑහෙන්න සාක්ෂි මං ලඟ තියෙනවා.මට මේ තරම් පහත් වැඩක් කරලා,ඒ වගේම තැනකට තවත් කොල්ලෙක්ව ඇදලා දාන්න හදපු රශීට මම දෙන දඬුවම මොකක්ද?

මම හිතුවා.
හැම පැත්තක්ම.
මගේ මොලේ අඳුරු වෙලා තිබුණ එක පැත්තක් හැර.


                                                         මතු සම්බන්ධයි.........................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...