පෙර කොටස බාඳුරා සිහිනය 18
"හෙලෝ නිරාශ්,මම රනුක්,මට දැනගන්න ඕනි ලක්මාලි මොන වගේ කෙනෙක්ද කියලා.ම්ම්....ඉස්සෙල්ලා මම ගැන කියලා ඉන්නම්කෝ.මම රනුක්.අනුරාධපුරේ.මම ලක්මාලිත් එක්ක යාළු වෙලා හිටියා දැන් ටිකක් කල්.මාස දෙකහමාරක් විතර.එක සැරේ මට ලක්මාලි ගෙදරින් අකමැතියි කියලා බෑ කිව්වා."
"මෙහෙමයි මචං,මං අහලා තියෙනවා උඹ ගැන.උඹ පට්ට මීටරයක් කියලා.ලක්මාලි ගේ පොඩ්ඩක් එහෙම ගතියක් තියෙනවා.ඒ කියන්නේ එයාගේ මතයේ විතරයි එයා ඉන්නේ.අමුතුයි ටිකක් තේරුම් ගන්න."
"එයා මට...එයා මේ කිව්ව දේ බොරු කියලා මම දන්නවා.ගෙදරින් බෑ කිව්වේ බොරුයි කියලා මට හිතෙනවා."
"ඒක කොහොමත් බොරු වෙන්න ඕනි නේ.ඔයාට අකමැති වෙන්න විදියක් නෑනේ."
"ඒක තමයි මට හිතාගන්න බැරි.එක සැරේ මෙයා මෙහෙම වුණේ කොහොමද කියලා.මෙයාට තව මොනාද තිබුණ affairs?"
"මෙහෙමයි.කැකිරාවෙත් මෙයාට තව affair එකක් තිබුණා.මල්ලි කෙනෙක් එක්ක."
"මට කිව්වේ මෙහෙමයි.වෙන කොල්ලෙක් අහන එක නවත්තගන්න මෙයා ඒ මල්ලිත් එක්ක බොරුවට රඟපෑවලු."
"නෑ නෑ.එහෙම සිද්ධියක් නෙවෙයි.සිරාවටම යාළු වෙලා හිටියා."
"ඒ කියන්නේ අවුරුදු 4ක් බාල මල්ලි කෙනෙක් එක්ක....?"
"ඔව් ඔව් ඔව්.ඌ මට ගහන්න ඇවිල්ලා.හෙණ case ගොඩක් ගියා."
"මට ඒ seen එක කියන්නකෝ.දන්න ටික කියන්නකෝ.ඒ මල්ලි ගැන."
"ඉස්සෙල්ලාම මමයි එයයි තමයි යාළු වෙලා හිටියේ.එයාගෙ 1st love එක මම.ඊට පස්සේ......."
"මට ඒ වෙච්ච දේවල් පොඩ්ඩක් කියනවද? ඔයාගේ පෞද්ගලිකත්වයට හානියක් කියලා හිතෙනවා නම් ඒ දේවල් කියන්න එපා."
"මට ඒක අවුලක් නෑ.එයාට අවුලක් නිසා මං ඒක කාටවත් නොකියන්න තීරණය කරා.ඒ කියන්නේ....ලොකු ප්‍රශ්නයක් නෑ.ඉතින් ඔය සාමාන්‍ය දේවල් තියෙන්නේ.ඒ දේවල්...ඒ කිව්වේ ජීවිතෙටම බලපාන්නේ නැති දේවල්."
"හා හා හා."
"හරිද.ඒක මං හිතන්නේ මගේ අතින් විතරක් නෙවෙයි එයා එක්ක යාළු වෙලා හිටපු හැම කෙනාගෙන්ම ඒක වෙන්න ඇති,හැම කෙනාටම ඒක දැනෙන්න ඇති."
"හරි මචං,මට ඒ දේවල් දැනගන්න ඕනි නෑ."
"හා........" හිනාවක්.
"තව ගොඩක් කෙල්ලෝ එක්ක යාළු වෙලා හිටියද බං.මට හැබැයි ඒකි කිව්වේ ඔයාව මුණගැහුණේ බස් එකේදි විතරයි කියලා."
"ඒක බොරුවක් බං." ........ හිනාවක්.
"කොහෙද ගියේ තව?" මට ලොකු කුතුහලයක්.හිත රිදවගන්න තියෙන ආසාව.
"ගියේ නෑ ඉතින්." ඌ ලැජ්ජ වුණා.
"ඔන්න මං කිව්වා කියලා එහෙම කියන්න එපා."
"නෑ නෑ බං.මං කියන්නේ නෑ.මට කිව්වේ පෙම් මුල්ලෙදි හම්බ වුණා කියලා විතරයි."
පොඩි නිහඬතාවක්...............
"අපි town එකේ එහෙමත් සෑහෙන්න ඇවිද්දා බං."
"ඒකි මට එතනත් කියලා තියෙන්නේ බොරු." මට මාර කේන්තියි. "ඒකි බොරුවේ උල්පතක් වගේ...."
"ඒ කියන්නේ බං town එකේ ඇවිද්දා කිව්වේ කොහේවත් ගියා කියන එක නෙවෙයි.එහෙම මුකුත් වුණේ නෑ හරිද? මම එහෙම කරන්නෑ බං.මං කෙල්ලෝ 10 ක් එක්ක යාළු වෙලා හිටියා.ඒ වුණාට මුකුත් කරලා නෑ හරී.."
"හ්ම් හ්ම්." මගේ පපුවේ බිත්තර තම්බන්න පුළුවන් දැන්.ඒ තරම් රත් වෙලා."හැනැයි ඉතින් උඹත් එක්ක හැමතැනම ඇවිද්දානේ." මට කිව්ව පොඩි දෙයක් ගොඩක් ලොකු දෙයක් විදියට දකින්න මං මේ වෙලේ උත්සාහ කරේ මගේ හිතම රිදවගන්න නේද කියල මට හිතුණා.ඒත් රශී මට කිව්ව පොඩි බොරුවක් උණත් මිනීමැරුමක් තරම් ලොකු දෙයක් හැටියට දකින මානසිකත්වයකින් මම හිටියේ මේ වෙලාවේ.
"හැමතැනම නෙවෙයි බං town එකේ.එච්චරයි." නිරාශ්ටත් ටිකක් කේන්ති ගියා වගේ.
"හරී.....ඇත්ත බං.ඒ වුණාට මේකි මට ඇත්ත කිව්වේ නැති හැටි.යාළු වෙලා ඉන්න කෙනාට ඔහොම බොරු කියනවද බං."
"ඒකි ටිකක් එහෙම තමයි බං."
"අර මල්ලිගේ seen එක කියපන්."
"මල්ලිගේ seen එක බං...මම නුවර ගියා.ඒ හින්දා,ඉගෙන ගන්න ඕනි හින්දා call,4n ඔක්කොම අයින් කරලා ගියේ..."
"පොඩ්ඩක් හිටපන්කෝ.මට මෙහෙම දෙයක් කිව්වා බං.උඹත් එක්ක තිබුණ love එක නැවැත්තුවේ මෙන්න මේ නිසාලු.උඹේ වෙන affair එකක් ආරංචි වුණා කිව්වා ඒකිට,උඹලා දෙන්නා අතටම මාට්‍ටු වුණාලු.ඊට පස්සෙලු උඹේ affair එක නැවැත්තුවේ."
"ඒක බොරුවක්.මේක නෑවතුණේ A/L වලට මං හැමදේම අමතක කරා.ඒකි කියන්න ඇති මගේ අතේ වැරැද්ද කියලා.ඒකි වැරැද්දක් කියන්න ඇති.මං 4n එක අයින් කරලා,සේරම අයින් කරලා A/L කරේ ඉතින් ඊට පස්සේ ආයෙත් මං එයා ළඟට එනකොට එයා යාළු වෙලා....." නිරාශ් ආවේගෙන් කියවගෙන ගියා.
"මල්ලිත් එක්ක.."
"ඔව්.මම කිව්වා.මං තාම ඔයාට ආදරෙයි කියලා."
"පොඩ්ඩක් හිටපන්.පොඩ්ඩක් හිටපන්.හරියටම මට පැහැදිලි කරපං.උඹ 4n අයින් කරලා අනංමනං කරලා,නුවර ගිහින්,ආපහු ඇවිත් බලනකොට මේකි මල්ලිත් එක්ක යාළු වෙලා.....?"
"ඔව්..ඊට පස්සේ මම අරක කිව්වා.මම වෙන කාත් එක්කවත් යාළු නෑ,තාම ආදරෙයි කියලා කිව්වා.ඊටපස්සේ එයා ආයේ මගෙත් එක්ක යාළු වුණා."
"ආයේ යාළු වුණා...?"
"ඔව්.යාළු වුණා කියන්නේ,කිව්වා මට මෙයත් එක්ක එක්ක තියෙන සම්බධේ නවත්තන්න ඕනි.එයා හරි නෑ.එයා බොනවා.එහෙන් මෙහෙන් කිය කියා.....ඊට පස්සේ........."
මතු සම්බන්ධයි..........................
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
No comments:
Post a Comment