Thursday, September 6, 2012

බාඳුරා සිහිනය 9

පෙර කොටස බාඳුරා සිහිනය 8


   මේ හැමදේම මැද්දේ මට කෑමත් එපා වෙලා.අම්මා බනිනවා බෙහෙත් ගන්න යන්න.
"ගැස්ට්‍රයිටීස් නිසා ඔය කන්න බැරි."
මොන බෙහෙත්ද?
අම්මගෙ හිත හැදෙන්න මම අමාරුවෙන් හරි කන්න ගත්තා.හපනවා විතරයි.බත් කට ගිලෙන්නේ නෑ.තව එකක් කනවා කොහොමහරි.එහෙම හිතාගෙන තව බත් කටක් ගත්තා කටට.

හිත කියනවා "අනේ කන්න බෑ." 
බඩ කියනවා "තව කාපන්."
අම්මා කියනවා "කොහොමහරි තව කන්න ළමයෝ."
3 න් 2.
ගත්තා තව කටක්...
අනේ.....අමාරුවෙන් කාපු ටිකත් උගුර පුච්චගෙන එළියට ආවා.ඇයි දෙයියනේ මෙහෙම දුක් ගොඩක්.
"හෙට අනිවාර්යයෙන් බෙහෙත් ගේන්න යන්න ඕනි." තාත්තා සැර කරා.
හෙට නම් යනවමයි කොහොමහරි.දැන්නම් මටත් තේරුනා කන්න බැරි නිසා ගෑස්ට්‍රයිටීස් කියලා.


තවත් fb අන්දරයක්......
      අද මේ chat කරපු එකෙන් මට කවදාවත් අමතක නොවන විදියට යාළුකමක් අළුත් වුණා.ඒ වගේම ජීවිතේ ගොඩක් දේ වෙනස් වුණා.
දිනපොතක එක පි‍ටුවක් මෙච්චර දිගද? නෑ.මේක edit කරපු පි‍ටුවක්....

      තුෂාර...class එකකදි මට මුණ ගැහුණ එච්චර ලොකු යාළුකමක් නැතිවුණත් සාමාන්‍ය යාළුකමක් තියෙන යාළුවෙක්.මට chat එකේදි හම්බවුණා.විශේෂම දේ මෙයා රශීගෙ ගෙවල් කිට්‍ටුව කියලා මම දැනගෙන හිටපු එක.ඒත් රශී මට කියලා තිබුනා,අපි ගැන මෙයාට කියන්න එපා කියලා.ඒකට හේතුව විදියට එයා කිව්වේ තුෂාර දෙසැරයක්ම එයාගෙන් යාළුවෙන්න අහලා මෙයා බෑ කියලා.ඉතින් තුෂාර මේක දැනගත්තොත් ගෙදරින් මේක දැනගන්න තියෙන ඉඩ වැඩි වෙයි කියලා රශී කිව්වා.මටත් හිතුණ ඒක තුෂාරට නොකියා ඉන්න.

      එක දිගට chat කරගෙන යනකොට මෙයා දැනගත්තා මට කෙල්ලෙක් ඉන්නවා කියන එක.මම වගේම තුෂාරත් හොඳ කවි කාරයෙක්.කෙනෙක්ගේ ජීවිතයක් විනිවිද දකින්න තුෂාරට පුදුම හැකියාවක් තියෙනවා කියලා මට පස්සේ තේරුණා.

      මිනිහා මගේ profile එක පුරාම බලලා.මගේ 4tos වලට දාපු comment වලින්,like වලින්,මම දාපු post වලින් මිනිහට කෙල්ල කවුද කියලා තේරිලා වගේ.
"අඩෝ...උඹේ කෙල්ල ලක්මාලි නේද..?"
      මහා ප්‍රශ්න කන්දක මුදුනේ හිටපු මට පහලින් තියෙන ජලාශෙට පැනලා පොඩිහරි සතුටක් ලබන්න හිතුනා.තුෂාරට මම ගොඩක් දේ කිව්වා රශීට වුණ පොරොන්දුව බිඳලා.
"මචං,රශී කොහොම කෙනෙක්ද? උඹට හිතෙන විදියට."
"ලක්මාලි sometime ටිකක් මෝඩයි.ටිකක් විතර වෙන කෙනෙක් කියන දේ අහන්නේ නෑ.හැම නිතරම        එයාගෙ කතාව1st එකට දානවා.එයා තමයි හැම නිතරම 1st කියලා හිතන්නේ.ඒත් ගොඩක් වෙලාවට හිත හොඳයි.ඒ හිත හොඳකම මම කලින් කියපු දේවල් වලින් වැහෙනවා."තුෂාර කිව්වා.

තුෂාරගේ කතාවත් තරමක් දුරට ඇත්ත කියලා මට හිතුනා.
      chat එකේදි කතා කරගත්ත විදියට හෙට මම තුශාරලගෙ ගෙදර යනවා.ගොඩාක් දවසකින් රශීව බලන්න මටත් ඕනි වෙලා තිබුනා.මම නොකියම යන්න තීරණය කරා.මම එක සැරේ රශීලගෙ ගෙදර ගිහින් එයාට surprise එකක් දෙන්නයි මම හිතුවේ.
ම්ම්ම්.........අද දවස ඉවර කරන්න කලින් තවත් fb සිද්දියක් මතක් කරන්නම්.
දවසක්(අගෝස්තු 2,3 වගේ) හවස 1ට විතර රශී එව්වා msg එකක්.
"4n එකේ සල්ලි නෑ.මේ අවසාන msg එක."
      ඉතින් මම 3ට විතර fb online යනකොට රශී හිටියා online.මට ගොඩක් සතු‍ටු හිතුනා.එයා දාපු comment එකක 50 minutes ago කියලා තිබුනා.ඉතින් ඒකෙන් මම දැනගත්තා මගේ රශී fb ඇවිත් පැයක් විතර වෙන්න ඇති කියලා.ඒත් chat එක පටන් ගත්තම මගේ msg වලට ගොඩාක් පරක්කුයි එයාගේ reply.විනාඩි 15 ක් විතර මෙහෙම පරක්කු msg මම ඉවසුවා.මම ඒ ගැන එයාට කිව්වා.එයාගෙ facultyයෙ යාළුවෝ ටිකක් එක්ක chat කරන නිසා තමයි පරක්කු වෙන්නේ කියලා එයා කිව්වා.
ඒත් එක සැරේම එයා....
"මං යනවා.byeee."කියලා යන්න ගියා.
     මට දුක හිතුණා.ඒත් ඒ වගේම කේන්ති ගියා.මම කරන්නේ නෑ කියලා හිතාගත්ත වැඩක් ඒ වෙලේම කරා.
ගියා රශීගෙ account එකට.
මගෙත් එක්ක chat නොකර කාත් එක්කද එයා chat කරේ කියලා බලන්නයි මට ඕනි උනේ.
අද දවසේ chat list එකේ 8 දෙනයි.
එක්කෙනෙක් රනුක් යසස්වික.
තව කෙනෙක් එයාගෙ faculty යේ මමත් දන්න කෙල්ලෙක්.
අනිත් 6 දෙනාම දන්නේ නැති අය.කොල්ලෝ.එක්කෙනෙක් දෙන්නෙක් නම් අපේ campus එකේම අයියලා.අනිත් අය කොහෙත්ම අඳුරන්නේ නැති අය.

      මට ගොඩක් කේන්තියි.ඒ වගේම දුකයි.මේ ගැන එයාට කිව්වේ නෑ.මොකද මේ තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න ඇති වෙයි කියලා හිතුණා.අනික එයාගේ පෞද්ගලිකත්වය මම ඇවිස්සුවා කියලා එයා දැනගන්නවට මම කැමති වුණේ නෑ.

අගෝස්තු 7
           උදේම තුෂාර ගෙදර නෑ ඒ නිසා හවස ඇවිත් රෑත් ඉඳලා පලයං කියලා කිව්වා.
මගේ කොන්ඩෙත් වැවිලා.
"පිස්සෙක් වගේ ගෙදරකට යන්න එපා."අම්මා කිව්වා.
ඉතින් රශීලගෙ ගෙවල් පැත්තෙත් යන්න පුළුවන් වෙයි කියලා හිතපු නිසා මං හිතුවා කොණ්ඩෙත් කපාගෙන යන්න ඕනි කියලා.

       ඉතින් කොණ්ඩේ කපන්න හිතාගෙන 11.30 ට විතර ගෙදරින් පිටත් වුණා.උයලා තිබුනේ නෑ ගෙදර.
"තුෂාරලගේ ගෙදර යන්න පැය 2ක් විතරනේ යන්නේ.ඒ නිසා එහෙන් කනවා."අම්මට එහෙම කියලා තමයි ගෙදරින් පැනගත්තේ.
ඒත් සැලූන් එකට ගතවෙන කාලය මට අමතක වුණා...

                                                            
                                                             මතු සම්බන්ධයි................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...