Sunday, September 2, 2012

බාඳුරා සිහිනය 4

පෙර කොටස බාඳුරා සිහිනය 3

     එයාගෙන් යාළුවෙන්න අහපු හැම කොල්ල ගැනම මගෙත් එක්ක අතිශයෝක්තියෙන් කිව්වා වගේ  මට දැනුනා.ඒ දේවල් එහෙම කියන්න එයා පෙළඹුන ඇත්තම හේතුව මට තේරුම් ගන්න අමාරු වුණා.ඒත් ඇත්තටම එයා ගොඩාක් වටිනවා කියලා මට දැනෙන්න ඇරියා කියලයි මට හිතුණේ.

මේ හැම කොල්ල ගැනම කිව්වා වගේ තවත් ඒ වගේ දෙයක් මගේ හිතට තදින්ම වැදුනා.

      එක දවසක් මම අක්බාර් ශාලාවේ ඉඳන් රාමනාදන් එකට ගියා මගේ රශීව හම්බ වෙන්න.එදත් අපි පුරුදු තැනම වාඩි වෙලා සාමාන්‍ය විදියටම කතාව පටන් ගත්තා.

"මට ඔයාට කියන්න දෙයක් තියෙනවා බබා.ඇත්තටම ඒකේ ඒ හැටි විශේෂයකුත් නෑ.ඒක ඇත්තටම හිනා යන කතාවක්."රශී හිනාවෙවී කිව්වා.

"මොකක්ද ඉතින් කියන්නකෝ අනේ..."
"නිරාශ් එක්ක තිබුන affair එක ඉවර වුනාට පස්සේ මේ සිද්දිය වුණේ.a/l ඉවර වෙලා අපි English class එකකට ගියා."
"ඉතින්....?"

"ඒ කාලෙම මගෙන් යාළුවෙන්න අහ අහ හිටියා ............  අයියා(රශී කිව්ව ඒ නම මට මතක නෑ).ඉතින් මං බෑ කිව්වට මේ මනුස්සයා පස්සෙන්මයි.බෑ කිව්වට අහන්නෙම නෑ.මං කිව්වා මං යාළු වෙලා ඉන්නේ කියලා.ඒත් කව්ද කියලා ඇහුවම මට පෙන්නන්න affair එකක් තිබුනේ නෑ.class එකේ හිටපු මල්ලි කෙනෙක් එක්ක අපි දෙන්නම කතා වෙලා බොරුවට affair එකක් පටන් ගත්තා.ඇත්තටම ජානක මට වඩා අවුරුදු 4ක් බාලයි."රශීගේ මූනේ ලාවට හිනාවක් ගියා.

"ඇත්තටම අපි දෙන්නා town එකේ පවා එකට හිටියේ.මේක රඟපෑමක් කියලා දැනං හිටියේ නෑ කවුරුත්.ඒත් පස්සේ මේක charter වෙන්න ගත්තා.............අයියාටත් මේක රඟපෑමක් කියලා දැනගන්න  ලැබුනා.ඉතින් අපි දෙන්නා මේ රඟපෑම නැවත්තුවා."

     මොන විහිළු කතාවක්ද කියලා මට නොහිතුනා නෙවෙයි.ඒත් රශී ගොඩක් විවෘතයි.මාත් එක්ක ගොඩාක් විවෘතව ගොඩක් දේවල් කතා කරලා තියෙනවා.එයා ගැන ලොකු විස්වාසයක් මගේ හිතේ ගොඩනැගිලා තිබුනේ මේ වෙනකොටත්.ඉතින් මට මේ දේ අවිස්වාස කරන්න කිසිම හේතුවක් තිබුනේ නෑ.

      ඒ හැමදේම වගේම එයාගේ තව ගතිගුණයක් දැක්ක.එයා ගොඩක් ප්‍රසිද්ධයි,එයා ගොඩක් ප්‍රසිද්ධ අය අඳුරනවා කියලා කියන්න,ඒ වගේම ගොඩක් අය එක්ක එයා හිත හොඳින් ඉන්නවා කියන එක පෙන්නන්න එයාට ලොකු වුවමනාවක් තිබුනා කියලා මට තේරුනා.

      දවසක් එයාට රාමනාදන් එකේ ඉඳන් ගෙදර යන්න ඕනි වෙලා කවුරුත් ඉඳල නෑ එයාගෙ තනියට.ඉතින් Agri එකේ තිමිර අයියා-එයාලගේ ගමේ අයියා කෙනෙක්-එක්ක තමයි හවස් වෙලා ගෙදර ගිහින් තියෙන්නේ මෙයා.ඒ තරම් මෙයා හැමෝමත් එක්ක fit කියලා මට පෙන්නුවා.
   
                                                             *     *    *    *    *    *

   
      ජූනි පළවෙනිදා පටන්ගත්ත අපේ ආදර කතාව ගොඩාක් ලස්සනට ලියවුණා.ඔහොම ඉන්නකොට සරසවි ආචාර්‍යවරුන්ගේ වැඩවර්ජනය පටන්ගත්තා.මේ වැඩ වර්ජනය මගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කරන්න පටන්ගත්තා කියලා මට හිතුනා.මගේ හිතත් ඒ වර්ජනයට එරෙහිව වර්ජනය කරන්න පටන්ගත්තා.

ඒ අතර මගේ ආදරෙත් කවුරුහරි වර්ජනය කරනවා නම්......

      මෙතන ඉඳන් මගේ දිනපොතේ පි‍ටු මේ කතාවට එකතු කරන්නම්.හැබැයි ඒවා 'සංස්කරණය කරන ලද' තමයි.

                                                       මතු සම්බන්ධයි..........

පසු කොටස බාඳුරා සිහිනය 5

2 comments:

  1. ඉතිරියත් ඉක්මනට දෙන්න සහෝ..
    වර්ඩ් වරිෆිකේශන් එකත් අයින් කරන්න..

    ReplyDelete
  2. කොටස් වශයෙන් දිනපතාම දාන්නෙ.හැමදාම උදේට පොස්ට් කරන්නම්.කියවනවට thx bro....මේ ගැන විවේචන තියෙනව නම් කියන්න.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...