Sunday, September 16, 2012

බාඳුරා සිහිනය 18

පෙර කොටස බාඳුරා සිහිනය 17


"කමක් නෑ මචන්." අද දවසේ මං එළියට බැහැලා තියෙන්නේ රාහු කාලයෙන්ද කොහෙද.දවසෙම unlucky .

"ජානක ගෙයි ලක්මාලි අක්කා ගෙයි මොන වගේ affair එකක්ද තිබුණේ කියලා මට කියනවද? එහෙම එකක් ගැන උඹ දන්නවද බං." සුපුන් ඒ මල්ලිගෙන් ආයෙත් ඇහුවා.

"අයියෝ,ජානකයා මාත් එක්කනේ ඒ අක්කට talk කරේ.ඒ අක්කත් මාර line දුන්නා.කොහොමහරි ජානකයා වැඩේ ගොඩ දාගත්තා." මගේ යකා නැග්ගා ඔය වචන ඇහෙන කොට.

"එතකොට කට්ටිය කියන්නේ ඒක බොරු රඟපෑමක් කියලා" සුපුන් ආයෙත් ඇහුවා.

"කව්ද කියන්නේ? පිස්සුද අයියේ.මං දන්නේ නැද්ද ඒ ගැන.උන් දෙන්නා බස් එකේ 'පෙම්මුල්ලේ' පවා ගියානේ.රඟපාන්න නම් එහෙම යනවද." මල්ලිට හරි හිනා.මගේ කේන්තියේ උපරිමය.
   
ඒ මල්ලිට සමුදීල අපි ආපහු ත්‍රීවීල් එකට ආවා.

"දැන් උඹට තේරෙනව නේද වැඩේ.තව දුරටත් ඒක පස්සේ යන්න එපා බං.තේරුමක් නෑ.ඕනි නම් උන් දෙන්නටම call කරපන්.ඒත් උඹේ හිත රිදෙන,ඔයිට වඩා ජරා කතා මිසක් හොඳ කතා නම් උඹට අහන්න ලැබෙන්නේ නෑ කියලා මට sure කෙල්ලගෙ හැටියට."


"හරි මචං හරි.මට හැමදේම දැන් ලස්සනට තේරෙනවා." මං එහෙම කිව්වට මගේ හිතේ තිබුන ලොකුම කුතුහලය තාම එහෙම්ම මයි.

        රශී කොහොම කෙල්ලෙක් උනත් මට එහෙම කරේ ඇයි? ගෙදරින් අකමැතියි කියන බොරුව මට කිව්වේ ඇයි? ඒ ප්‍රශ්නය හිතේ දැවෙන කං මම මේ game එක play කරනව කියලා මං හිතාගත්තා.
       trip එක යන්නේ අනිද්දා වුනත් මම අදම campus එකට යනවා කියලා හිතාගත්තා. නිදහසේ තනියම කල්පනා කරන්න හොඳම තැන අක්බාර් රජමාලිගයේ මගේ කුටියේ මගේ යහන.
මගේ...මගේ....මගේ....
ඒ වචන නිසා නේද මං මෙච්චර දුක් විඳින්නේ.

     මගේ පුරුදු මගේ කාමරේට ආවම මට හිතුණේ මං ආවෙ බස් එකේමද කියලා.ඒ තරම් කල්පනා ලෝකෙක ගිලිලා මම ආවේ.හැමදේම මොහොතකට අමතක කරලා,නාගෙන,ප්ලේන් ටී එකක් එහෙම බීල සතුටින් හිත පුරවගෙන අඳේ හාන්සි වුනා.පහුගිය දවස් වල හරියට කන්න පිරියක් නැති වුණත් දැන් ඒ ප්‍රශ්නේ නෑ.වැට උඩ ඉන්නකොට සමබරතාවය ගිලිහෙනවනේ.ඒ නිසයි කන්න බැරි වුණේ.මගේ හිතටම මම විහිළුවක් කරගෙන මම තනියම හිනා වුණා.

     මේ අතරේ මට කියන්න අමතක වුණ දෙයක් තමයි දැන් කියන්න යන්නේ.රශීගේ msg තාමත් මට එනවා.ඒවගේ තියෙන මූලික හරය "මට ඔයාව අමතක කරන්න අමාරුයි.ඒත් ඒක කරන්න වෙනවා" කියන එක.එයා ඒක පුන පුනා කිව්වා.
     මට ඉවසන් ඉන්නම බැරි තැන මම ආයෙත් මෙහෙම ඇහුවා රශීගෙන්.
"රශී....ගෙදරින් අපේ affair එකට අකමැතියි කියලා ඔයා කිව්වේ ඇත්තටම නේද? ඔයාගේ අම්මගේ නම කියලා වුණත් ඔයාට දිවුරන්න පුළුවන් නේද?"

"මගේ අම්මපල් රනූ,අම්මා කැමති නෑ.උදේ හවස වඳින බුදුහාමුදුරුවෝ නමිනුත් කියන්නම්" ඔයා තව ටික දවසක් ඔහොම දිවුරන්නකෝ.මම හැමදේම හොයාගන්නකං.මම  හිතුවා.

          ~ලිප ගිණි මොලවන තෙක් දියසැලියේ...
           සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ...~

"මගේ ආදරේ හැටි ඔයා දැක්කට මගේ වෛරයේ හැටි ඔයා තාම දැක්කේ නෑ ලක්මාලි." මගේ හිත කිව්වා.ආදරයයි වෛරයයි කියන්නේ එකම කාසියක දෙපැත්තක්ලු නේ.වෛරයේ අපැහැදිලි දුමාරය රනූගේ හිත ටික ටික ආක්‍රමණය කරේ ඔය විදියට තමයි.

                                                                   *  *  *  *  *  *  *  *

      මට අමතක වෙලා තිබුණ දෙයක් එක සැරේ මතක් වුණා.දෙයියනේ මෙච්චර වෙලා මට මේක අමතක වුණ හැටි.....
        නිරාශ්ගේ ජානකගේ 4n නම්බර් මගේ ලඟනේ..මෙච්චර වැදගත් වස්තු දෙකක් මං ළඟ තියාගෙන මම 'මනෝ ගහනවා'.මට මං ගැන කේන්තියකුත් ආවා.
       මං කලින් ඉඳන්ම සැලසුම් කළ විදියට 4n එකේ handsfree දෙක ගහගත්තා.Record කරන්න ලේසියි එහෙම කරාම.ආයෙත් කියන්නම්. 'Record' කරන්න ලේසියි එහෙම කරාම........
ඔව් මම සාක්ෂි එකතු කරන්න යොදා ගත්තේ තාක්ෂණය.තාක්ෂණය මට පිහිට වුණ විදිය ඔයාට පස්සේ හොඳටම තේරෙයි.
     ඒ Record එකේ සංශෝදනයක් කරලා මෙතනට එකතු කරාම කථාවේ පොඩි වෙනසක් තියේවි නේද? ඒ එක සාක්ෂියක් මෙන්න මේ විදියට දිගහරින්නම්..............


                                                                මතු සම්බන්ධයි...............

2 comments:

  1. ade uba dawasakata liyana pramanaya madi ban...

    ReplyDelete
  2. iwasapan ban.....podi pothaka pitu 6k type karama chuttai thamai..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...