Thursday, September 20, 2012

බාඳුරා සිහිනය 23

පෙර කොටස බාඳුරා සිහිනය 22

         "Memory full.please delete some files" display message එකක්.මට ඒ සාක්ෂිය අහිමි වුණේ ඒ විදියට තමයි.අතට ගත්ත දේ කටට දාගන්න වාසනාවක් නැති වුණා මට.
අපරාදේ....හිත කිව්ව එකම වචනය තමයි ඒ.

     කමක් නෑ.සාක්ෂියක් මට අහිමි වුණාට ඒ හැමදේම මගේ හිතේ තියෙනවනේ.ඒ ටිකත් ඇති මට.මම එහෙම හිතලා හිත හදාගත්තා.

අගෝස්තු 16
        උදේම ලැහැස්ති වෙලා trip එක යන්න පිටත් වුණා.හැමදේම අමතක කරලා trip එකේ ගන්න පුළුවන් උපරිම fun එක ගන්න මම තීරණය කරලා තිබුණේ.ඒත් එක දෙයක් නම් මම අමතක කරේ නෑ.
       කැළුම් එක්ක හොඳ යාළුකමක් ඇති කරගැනීමේ අරමුණ trip එක යන මුළු කාල සීමාව පුරාම මගේ බලාපොරොත්තුව වුණා.බස් එකේ යන,බස් එකෙන් බහින,ඇවිදින,කෑම කන,හැම තත්පරේකම මම කැළුම් ගැන ලොකු අවධානයකින් හිටියා.කොහොමහරි මම කැළුම් එක්ක යාළුකමක් ඇති කරගත්තා.ලක්මාලි ගෑවෙන්නෙ නැති ගොඩක් දේ අපි කථා කරා.ඒ ඒ දේවල් සම්බන්ධයෙන් මගේ සහ කැළුම්ගේ අදහස් ටිකක් එක වගේ කියලා මට තේරුණා.ඉතින් ඇත්තටම යාළුවෙක් කරගන්නත් කැළුම් ගොඩක් හොඳ කෙනෙක් කියලා මට තේරුණා.
       කැළුම් සමග යාළුකමක් ඇති කරගැනීමේ යටි අරමුණක් මට තිබුණා.කැළුම් සහ රශී අතර මොන විදියේ සම්බන්ධයක් තියෙනවද කියලා දැනගන්න එක තමයි මගේ යටි අරමුණ වුණේ.ඒ වගේම කැළුම් ට මාත් එක්ක යාළුකමක් ඇති කරගැනීමේ වුවමනාවක් සහ ඒකෙත් යටි අරමුණක් තිබුණා කියලා මට තේරුණා.රශී ගැන මම දන්න විස්තර එයාට දැනගන්න ඕනි වෙලා කියලා මට නිකමට හිතුණා.
       යටි අරමුණු හිතේ තියාගෙන වුණත් මේ වෙනකොට අපි දෙන්න අතරේ හොඳ මිත්‍රත්වයක් ගොඩනැගිලා තිබුණා.

      දවස ගොඩක් ප්‍රීතිමත් විදියට ගත කරලා trip එකේ අවසානෙට ළඟා වුණා.මම කෙලින්ම මාතෘකාවට බහින්න තීරණය කරා.

"මචං කැළුම්,උඹ ලක්මාලි ගැන හිතේ තියන් ඉන්නවද?" කැළුම් මගේ මූණ දිහා බැලුවා.

"උඹ නේද එයා එක්ක set වෙලා හිටියේ.මට ආරංචි වුණා."

"උඹ කොහොමද බං දන්නේ?"


"කොහොමහරි මම දැනගත්තා නේ." හිනාවෙවී කිව්වා.

"ඇත්තටම උඹේ හිතේ අදහසක් තියෙනවද ලක්මාලි ගැන?"

"ම්............ඔව් බං.ඒත් ඒකි මට බෑ කිව්වා බං.මට පස්සෙ තමයි ආරංචි වුණේ උඹ ඒකිත් එක්ක set වෙලා කියලා."

"මෙහෙමයි බං.ඒකි එච්චර හොඳ කෙල්ලෙක් නෙවෙයි.මටත් බලාපොරොත්තු ගොඩක් දීල මාව අතහැරියා බං ගෙදරින් අකමැතියි කියලා."

"එහෙමද?"

"ඔව් බං.මං උඹට මේ දේවල් කියන්නේ උඹේ හිතේ ඒකි ගැන තියෙන අදහස  බිඳින්න නෙවෙයි.ඒත් මට වුණ දේ උඹත් දැනගෙන ඔය වැඩේට බහින එක හොඳයි බං."

"කියපන්කෝ." අවිස්වාසනීය කුතුහලයකින් කැළුම් ඇහුවා.

"මචං,මාස දෙකහමාරක් විතර රශීයි මමයි යාළුවෙලා හිටියා.මම යාළුවෙන්න අහලා ඒකි කැමති වුණා වත්,ඒකි යාළු වෙන්න අහලා මම කැමති වුණා වත් නෙවෙයි.දෙන්නගෙම හිත් වල එක සැරේ අදහස ඇති වුණා.කොහොම කොහොමහරි දෙන්නම ආදරේ කරන්න පටන්ගත්තා.affair එක මාස දෙකහමාරක් විතර ලස්සනට ගලාගෙන ගියා.ඒත් ජූලි 29 වෙනිදා ඉඳන් මේකි එක සැරේ වෙනස් වෙන්න ගත්තා.

"ජූලි 29.....?"

"ඔව් බං.ඇයි?"

"නෑ.නෑ.නිකං.කියපන්කෝ." කථාව කැළුම්ට රසවත් එකක් වගේ.

"ඉතින් බං.ඒකි මගේ call වලට ans කරේ නෑ.පුළුවන් තරම් ඒවා ans කරන එකෙන් වැලකිලා හිටියා.මට msg එවන එක අම්බානක අඩු කරා.ඉතින්............................" මම මේ වෙනකං මගේ කථාව පුළුවන් උපරිමය දක්වා කැළුම්ට කියාගෙන ගියා.කැළුම් ඒක සාවධානව අහං හිටියා.

"මෙහෙමයි මචං.මටත් කිව්වා ඒකි උඹත් එක්ක යාළු වෙලා හිටියා දැන් නෑ කියලා.ඕකි එච්චර හොඳ කෙල්ලෙක් නෙවෙයි කියලා මටත් තේරෙනවා දැන්.තව පොඩ්ඩෙන් මාත් ඉඳලා ඉඳලා හරි අමාරුවක වැටෙන්නේ."

"උඹට මීට කලින් කෙල්ලෙක් හිටියේ නැද්ද බං.?"

"මම සිතින් විතරක් පෙම් කළ කෙල්ලෙක් හිටියා බං.ඒත් ඒක හරි ගියේ නෑ."

"අම්මේ..එහෙනම් මේකෙන් උඹව ගලවගන්න ලැබුණ එක මම කරපු ලොකු උදව්වක් කියලා දවසක උඹට හිතෙයි."

        ඒ සංවාදය තවත් නානාප්‍රකාර වල් පල් වලින් අවසන් වුණා.එදා දවසේ trip එක ඉවර වුණේ මගේ තුන්වෙනි mission එකෙන් බාගයක් සම්පූර්ණ කරලා.

අගෝස්තු 17
             තවත් දවසකට ඉර උදා වුණා.මගේ ජීවිතේ දුක කියන ගිනි අඟුරු උඩින්,පලි ගැනීමේ වෛරයේ ජල ධාරාවක් ගලාගෙන ගියා.ඒකත් ගොඩක් සාර්ථක විදියට.හිතුවටත් වඩා හොඳ විදියට.
      උදේ පාන්දරම කැළුම්ට call කරා.මට එයාට තවත් මොනා හරි කියන්න තියෙනවා කියලා මට හිතුණා.ඒත් කිවයුතු දේ මොකක්ද කියලා මට පැහැදිලි අවබෝධයක් තිබුණේ නෑ.

"උඹ කොහෙද ඉන්නේ.?"

"අක්බාර් එකේ."

"හරි මචං,මාත් දැන් එන්නම් උඹව හම්බ වෙන්න.මම ඉන්නේ දැන් මාකස් එකේ."

   කැළුම්ව හම්බ වෙන්න ආව මේ ගමනේදී 3වෙනි mission එකේ සම්පූර්ණ සාර්ථකත්වය ‍රැ‍ඳෙයි කියලා මට නිකමට දැනුණා.


                                              මතු සම්බන්ධයි...........................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...