Wednesday, September 12, 2012

බාඳුරා සිහිනය 14

පෙර කොටස බාඳුරා සිහිනය 13


   මගේ හදවතේ රිද්මය වැඩි වුණා.
"අපේ අම්මලා මේකට කැමතිම නෑ රනූ.මට එයාලව රිදවන්න බෑ.මම ඊයේ පෙරෙදා මුළු දවසෙම try කරා.අනේ මන්දා..."
   වෙලාව 11.02 යි උදේ.මට ලෝකෙම කැරකෙනවා වගේ දැනුණා.පතුලක් නැති ලිඳකට වැටෙනවා වගේ හැඟීමක් මට දැනුණා.හදවතේ පුදුමාකාර භයානක රිද්මයක්.
පිට දිගේ දාඩිය දාන්න ගත්තා.
මම ඉන්න තැනින් නැගිට්ටා.
හැමතැනම ඇවිද්දා.
වත්ත පහලට ගියා,
ළිඳ ලඟ බිම වාඩිවුණා.
"අනේ රශී,ඔයා හදන්නේ මාව දාලා යන්නද? ඇයි ඔයා ගෙදරට කිව්වේ? අනේ ඇයි....?"
"මං හැම විස්තරේම call කරාම කියන්නම්.දැන් අපි මල්ලිට බෙහෙත් විදින්න යනවා."
        මීට වඩා හොඳයි මාව හොඳට නටන වතුර එකක දාලා තැම්බුවා නම්.එහෙටත් නැති මෙහෙටත් නැති හැඟීම් ගොඩක් එක්ක මං පැය 5ක් සෙල්ලම් කරා.
        ඇයි දෙයියනේ මෙහෙම වුණේ......

       16 වෙනිදා campus එකෙන් යනවා දවසක trip එකක්.මම හීන මවාගෙන හිටියේ රශී එක්ක ඒ ගමන යන්න.ඒත් මේ මොකද වුණේ......
       ඒ පැය 5 ගෙවුණ හැටි හිතාගන්න බෑ.ඒ ගැන කියනවා නම් පි‍ටු 5 ක හිස් ඉඩක් විතරක් ප්‍රමාණවත් වෙයි.

      පැය 5 කට පස්සේ.......

"හෙලෝ..." මම පටන් ගත්තා."කියන්න රශී,මට මොකක්ද වුණේ කියලා."
"මම අම්මට ඔයා ගැන කියලා තිබුණේ." රශීගෙ කටහඬ.
"අම්මට මං ගැන කලින් කියලා තිබුණේ.....?"
"ඒ කියන්නේ,මෙහෙම එක්කෙනෙක් අහනවා කිව්වට විස්තරයක් මම කියලා තිබුනේ නෑ.ඊට පස්සේ ඔයා අපේ ගෙදර ඇවිත් ගියානේ.ගියාට පස්සේ අම්මා මගෙන් ඇහුවා එයා ගැන නේද අරහෙන් මෙහෙන් කිය කිය හිටියේ කියලා." රශී කිසිම ගානක් නැතුව කියාගෙන ගියා.
"හ්ම්.."
"ඉතින් 4n එකෙන් වගේ නම් බොරුවක් හරි කියන්න තිබුණා නෑ එහෙම නෑ කියලා.ඒත් මූණ බලාගෙන බොරු කියන්න මට බෑ.මං එහෙම කරලා නෑ.ඉතින් මං ඔව් කියලා කිව්වා."
"හ්ම්.."
"ඊට පස්සේ අම්මා ඇහුවා උඹට වඩා බාලයි නේද කියලා.ඉතින් මං ඔව් කිව්වා."
"ඉතින් ඔයා ඔව් කිව්වේ ඇයි රශී." මට කේන්තියක් එක්ක දුකක්.
"ඉතින් මට කියවුණා.ඒක කියවුණා.අනික මං ඒක කිව්වේ නැත්තම් අම්මලා ඒක හොයාගන්නවා."
"හ්ම්.....හරි ඊට පස්සේ..කොච්චර බාලද කියලා ඇහුවද? " මම කලබල නොවී හැමදේම දැනගන්න තියෙන කුතුහලයෙන් ඇහුවා.
"ඒවා මොනා වත් ඇහුවේ නෑ.බාලයි ද ඇහුවා එච්චරයි.දවසයිද මාසයයිද අවුරුද්දයිද ඒවා මුකුත් ඇහුවේ නෑ."
"ඔයා දැන් කොහේද ඉන්නේ"
"මං දැන් ගෙදර සන් සෙඩ් එකේ.අම්මලා බයික් එකේ එද්දී මං කලින් ආවා."
"රශී,මේක නවත්තන එකද එකම විසඳුම...?"
"අම්මා ඊටපස්සේ ඔයාගේ විස්තර ඇහුවා.මං කිව්වා ඔයා මාතර.දැන් ඉන්නේ අනුරාධපුරේ.එහෙම කිව්වා(අපේ අම්මා තාත්තා දෙන්නම මාතර වුණාට අපි පදිංචි වෙලා ඉන්නේ අනුරාධපුරේ.මම ඉපදුනෙත් අනුරාධපුරේම තමයි.).ඊටපස්සේ අර අම්මයි තාත්තයි එනකොටම වගේ ඔයාලා ආපහු ගියානේ.අම්මලා ගෙදර නැති බව දැනගෙන ඔයාලා ආවා කියලා අම්මා හිතන්නේ.මම නෑ කිව්වට විස්වාස කරන්නෑ අම්මා.ඉතින් ඒ සිද්ධියත් එක්ක ආයේ හදන්න බැරි තරමට අම්මගේ හිත ඔයා ගැන බිඳිලා."

"ඉතින් රශී මේක නවත්තන එකද එකම විසඳුම....?"
"ඉතින් අපේ අම්මලා කියන්නේ මේක නම් කරන්න දෙන්නේ නෑ,එයාල කියන්නේ එයාලා මේකට කැමතිම නෑ කියලා.අනික දැක්ක ගමන් පේනවලු ඔයා බාලයි කියලා.තවත් හේතුවක් කියනවා එයාලා ඔයා පහතරට ලු.."
"අහන්නකෝ රශී.මේක මේ........."මට ගොත ගැහෙනවා."ඔයා කියන්නකෝ එයාලට අපි මේක නැවැත්තුවා කියලා."
"ඒත් ඉතින් මං ඔයත් එක්කමනේ යාළු වෙන්නේ.ඔයාමනේ බඳින්න වෙන්නේ.ඔයාටනේ එයාලා අකමැති."
"හරි රශී,ඕක කාලෙත් එක්ක හරියනවා.අපි කාලෙට ඉඩ දීලා බලං ඉමුකෝ රශී."
"මං අපේ අම්මලා ගැන හොඳට දන්නවා.එයාලා ඔහොම නෙවෙයි අවුරුදු 50ක් 60ක් ගියත් කැමති වෙන්නේ නෑ.ඔයා දන්නෑ රනූ.අපේ ලොකු අම්මා කෙනෙක්ගේ දුවගේ affair එකට අවුරුදු 30ක් වෙනකන් වුණත් කැමති වුණේ නෑ.තාමත් එයා තනිකඩයි.අපේ පවුලේ හැටි එහෙමයි."
"ඉතින් අපිට එහෙම වෙන් වෙලා ඉන්න පුළුවන්ද රශී." මගේ ඇස් වලට කඳුළු එන්න පටන් ගත්තා.
"මං දන්නවා රනූ.ඒක බෑ.ඒත් අම්මලා ගැන හිතනකොට මට ඒක බැරි වෙන්නෙත් නෑ."
"අනේ රශී...."
"මට අම්මලා එක්කෙනයි ඉන්නේ රනූ.මට අම්මගෙ හිත රිද්දන්න බෑ..................
අම්මා ඊයේ අඬුවත්."මගේ ආදරේ මදි වෙලාද වෙන එකෙක්ගේ පස්සෙන් යන්නේ.මගේ හිත රිද්දන්නේ ඇයි මෙහෙම."මං කිව්වා."නෑ නෑ අම්මේ.ඒ ළමයා ඇහුවා විතරයි වෙන මුකුත් තිබුනේ නෑ.එයාට මං විස්තරේ කියලා බෑ කිව්වා.එහෙම මුකුත් නෑ අම්මේ.අඬන්න එපා."කියලා මං එහෙම කිව්වා."
"ඔයා ඊයෙයි පෙරේදයි දවස් දෙකේම කල්පනා කරලා තීරණය කරේ මේකද?"

                                                                මතු සම්බන්ධයි......................

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...