Thursday, September 6, 2012

බාඳුරා සිහිනය 8

පෙර කොටස බාඳුරා සිහිනය 7


අහල පහල ඉන්නවා මගේ හොඳ යාළුවෙක් චතුර.ගියා මිනිහා හම්බවෙන්නෙ.
"මචං,මට call එකක් ගන්න ඕනි."
"ගනින් මචන්."
"උඹ කතා කරපන්."
"ok.මොනාද කියන්න ඕනි."

රශීගෙ අම්මගෙ 4n එකට call එකක් ගත්ත ඔන්න ඔය විදියට.
"හෙලෝ,ලක්මාලි අක්කා ඉන්නවද?"
"ඔව්,කව්ද කතා කරන්නේ?"නුපුරුදු කටහඬක්.රශීගෙ අම්ම වගේ.
"මට ඔයාගෙ a/l papers ටික ගන්න ඕනි.මේ කතා කරන්නේ චතුර මල්ලි."
"ආහ්...ඒ papers මං ලඟ නෑනෙ .."දැන් නම් රශී තමයි කතා කරේ.මම ගත්තා 4n එක මගේ අතට.
"රශී ඇයි ඔයා මෙහෙම කරන්නේ?ඇයි 4n එක off කරේ.."මම හිතේ තිබුන දුකෙන් තරහෙන් කිව්වා.
"නෑ මල්ලි,මම ඒවා යාළුවෙකුට දුන්නා.වෙන කෙනෙක්ගෙන් හොයලා බලන්න වෙයි ඔයාට."එහෙම කියලා call එක cut කරා.
රශී දුන්න මේ කපටි උත්තරෙන් මට එක දෙයක් තේරුනා.අම්ම ලඟ හිටිය නිසයි රශී එහෙම කතා කරේ.
විනාඩි 2ක් ගියේ නෑ.මට තවත් msg එකක්.රශීගෙම 4n එකෙන්.
"අනේ plz මට මෙහේ ඉන්න එක නැති කරන්න එපා.ඔයා කිව්ව ඒවා අම්මටත් ඇහුනා.තියෙන අවුල් මදිවටද?"
"හරි.මම එහෙනම් අද ඉඳන් ඔයා එවන msg වලට විතරක් reply එවන්නම්,ඔයා call කරමු කියන වෙලාවට විතරක් කථා කරන්නම්."කේන්තියෙන් හිටපු මම එහෙම යැව්වා.
"මම තාත්තා එක්ක බිලක් හද හද හිටියේ.ඒකයි ans කරේ නැත්තේ.එක පාරක් තාත්තා ans කරලා cut කරා.ඊට පස්සේ මම off කරා.එයා එහෙම msg කරා.මට හිතුනා මම කලබල වුණා වැඩිද කියලත්.ඒත් එයා වැඩක් කියලා කලින් කිව්වා නම් මම මෙහෙම කලබල වෙන්නේ නෑනේ.



    12ට 47ක් ,17ට 52ක් msg යවපු මම අද ඉඳන් එයා එවන ඒවට විතරක් reply යවන්න පටන් ගත්තා.මට එක වෙලාවකට හිතුනා මෙහෙම ගණන් උස්සන කෙනෙක්ගෙන් ඇති වැඩක් නෑ,මේක දැන්ම නවත්තලා දානවා කියලා.ඒත් හිත පුරා ආදරේ කරපු කෙනෙක්ව එහෙම ලේසියෙන්ම අයින් කරන්න පුලුවන්ද?අනික එයාගෙ ප්‍රශ්නෙ මොකක්ද කියලා දැනගන්න කං මම මෙහෙම හිතන එක වැරදියි කියලත් මට හිතුණා.

                                                   
                                                                   *  *  *  *  *  *  *  *  *

"ඇයි රශී මේ affair එක ගැන ගෙදරින් දැනගනියි කියලා ඔයා බය.?"මම වෙලාවක එහෙම ඇහුවා.
"ඔයා දන්නෑ රනූ.ගෙදරින් මට තහනම් කරලා තියෙන්නේ love affair එකක් ඇති කරගන්න එපා කියලා.මම එයාලට පොරොන්දු වෙලා තියෙන්නේ."
"ඒක හරි කතාවක් නේ.ඔයාගේ අම්මලා හරිම අසාදාරනයි නේ.තරුණ වයසේ කෙල්ලෙක්ට එහෙම නීති දාන එක වැරදියි නේ.අනික ඔයාගේ අම්මයි තාත්තයි ඉස්කෝලෙ යන කාලෙම යාළු වෙලා marry කරපු දෙන්නෙක් නේද..?"
"ඔයාට තේරෙන්නෑ රනූ.මගේ පළවෙනි affair එක නැවතුනාම ගෙදරින් ගොඩක් බය වුණා.ඒ නිසයි මගෙන් ඔහොම පොරොන්දුවක් ගත්තේ."රශී කිව්වා.
අපි දෙන්නා අතරේ හුවමාරු වුණ ඔය msg ටික බැලුවා මම.
"තියෙන අවුල් මදිවටද"කියලා රශී අදහස් කරලා තිබුනේ ඒක වෙන්න ඇති කියලා මට හිතුණා.
දවල් වෙලා රශී මට මෙන්න මෙහෙම එවනවා.
"අනේ මන්දා ළමයෝ.වෙලාවකට මමත් ඔයාට හරියට නපුරු වෙනවා.මට පිස්සු ටිකක් තියෙනවා.ඒකයි."
රශී මගෙන් සමාව ඉල්ලනවා වගේ නෙවෙයි මට මේක තේරුනේ.මට අනුකම්පා කරලා මෙහෙම එව්වා කියලයි මට තේරුනේ.

මේ දුකෙන්ම මම තවත් ඉවසගෙන හිටියා.මට එක දේවල් හිතෙන්න ගත්තා.
එයාගෙන් msg අඩුයි කියලා මං දිගටම රණ්ඩු කරපු නිසාද?
අපි meet වුණේ නැති නිසාද?
එයාට ඇත්තටම වැඩ වැඩි නිසාද?
එයා එයාගේ වටිනාකම වැඩියෙන් දැනෙන්න අරිනවද?
මම එයාට birthday එකට මුකුත් දුන්නේ නැති නිසාද?
අන්තිමේදි මට එහෙමත් හිතුණා.මේ වෙනකොට එයාගේ birthday එක පහු වෙලා.මම එයාට ගත්ත තැග්ග අක්බාර් එකේ කාමරේ කබඩ් එකේ තනිවෙලා.
හරියට මම වගේ.
තනිවෙලා.

                ~සැඳැ කළුවර උර ගගා විත් ඔබේ දෙනයන මගේ දසුනෙන්
                   ඈත් වූ සඳ මගෙ සරා සඳ තනි වෙලා මා තනි වෙලා.....~

                                                             




                                                         
                                                                මතු සම්බන්ධයි............

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...