Wednesday, September 5, 2012

බාඳුරා සිහිනය 7

පෙර කොටස බාඳුරා සිහිනය 6


    මං ඒ වෙලත් රශීගෙ පැත්තට හිතුවා.මෙයා මගේ ජීවිතේට හයියක් වෙයි.මං වැටෙන හැම වෙලේම රශී මට ශක්තියක් වෙයි.මං එහෙම හිතලයි හිතේ සතුට හදාගත්තේ.

අගෝස්තු 5
         මගෙන් එයාට msg 52යි.
         එයාගෙන් මට msg 17යි.
         මම මෙහෙම count කරනකොට කෙනෙක් අහයි ආදරේ කියන්නේ ගණුදෙනුවක්ද කියලා.නෑ.ගණුදෙනුවක් නෙවෙයි.ඒක ඇත්ත.ඒත් මට දැනුන මේ වෙනස කාටවත්ම දැනුනේ නෑ.ඒකයි මං මෙහෙම ගණන් කරේ.ඊයේ call කරලත් අදවත් රශීගෙ වෙනසක් නෑ.ඇයි දෙයියනේ.ඇයි මේ......

හවස 5.30 ට msg එකක් එව්වම ආයේ 10.15 වෙනකං no msg.
msg යවලා යවලා බැරිම තැන මං call කරා.එයා cut කරා.
"answer (ans කියලා පාවිච්චි කරන්නම්) කරන්න බෑ.ගෙදර අය ඉන්නවා."වෙනදා ගෙදර අය ළඟ ඉන්නවනම් එළියට ගිහින් හරි කතා කරන රශී පහුගිය දවස් ටිකේම මගේ call miss කරන්න දුන්න උත්තරේ තමයි ඔය.
"ඇයි රශී ඔයාට බැරිද එක msg එකක් එවන්න මට?"
"මට පුළුවන් වෙලාවේ මං msg කරා.උයලා ඉවර වෙලා ආපු මිනිස්සුන්ට කන්න දුන්නා.ගොඩක් හිතවත් sir කෙනෙක් ආවා.sir එක්ක හිටියා.මම නිකං හිටියේ නෑ.4n use කරන්න පුළුවන්ද එහෙම."
දෙයියනේ..කෙල්ලෙක්ට පුළුවන්ද තමන් ආදරේ කරන කොල්ලට මෙහෙම බනින්න.මම තවත් ඉවසුවා.ආදරයේ නාමයෙන්........


"හ්ම්..දැන්වත් එහෙනම් ටිකක් වෙලා හරි මගෙත් එක්ක ඉමු නේද."
"බෑ.මල්ලිට අකුරු කියවන එකේ presentation එකක් හදන්න තියෙනව."
"දෙයියනේ, msg වලින් හරි මාත් එක්ක ඉන්න විනාඩි 5ක් වත් නැද්ද ඔයාට මුළු දවසටම."
ඒකට reply නැත.

අගෝස්තු 6
         අද උදේම msg එකක් යැව්වා.
"අපි නිදහස් වෙලාවක කථා කරමු රශී.මට ගොඩක් දේ ඔයාට කියන්න තියෙනවා.ඔයාට නිදහස් වෙලාවක් කියන්න මට.මම ඔයාට ගන්නම්.'
ඒත් මේකට උදේ 10 වෙනකං reply නෑ.මට හිතාගන්න බැරි වුණා.
මම call එකක් ගත්තා.
ans කරේ නෑ.
ආපහු ගත්තා.
එක දිගට 11 සැරයක් අරන් මම.
දෙයියනේ ඒත් ans කරේ නෑ.ඇයි රශී මට මෙහෙම කරන්නේ.
ටික වෙලාවකින් මට msg එකක්.දවස් 10 ක් පිපාසයෙන් හිටපු කෙනෙක්ට වතුර බිංදුවක් ලැබුනා වගේ.
"මම 4n එක charge එකට ගහලා silent දාලා තිබුනේ රනූ.ඒකයි ans කරන්න බැරි වුණේ."

ඒ msg එක ඇවිත් ටික වෙලාවකින් මම ආපහු ගත්තා රශීට call එකක්.
අනේ මෙයා ans කරන්නේ නෑ.
දෙවෙනි සැරෙත් ගත්තා.නැහැ ans.
තුන්වෙනි සැරේ.නෑ.
හතරවෙනි සැරේ.නෑ.
පස්වෙනි සැරේ.ans කරා.කතා නොකරම cut කරා.
හයවෙනි සැරේ.cut කරා.
හත්වෙනි සැරේ.4n එක off.

දෙයියනේ ...ඇයි මේ.......

                                                            මතු සම්බන්ධයි..............................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...