Sunday, September 9, 2012

බාඳුරා සිහිනය 11

පෙර කොටස බාඳුරා සිහිනය 10


"The number you dial is busy now.please try again later."
      මට ඒක කියන ගෑණිටත් ගහන්න හිතුනා.එක එක අයට call ගන්න, ඒ අයගේ call වලට ans කරන්න වෙලාව තියෙනවා.මට msg එකක් එවන්න වෙලාවක් නෑ.මට එහෙම හිතුනා.
      තවත් පැය බාගයකින් විතර msg එකක් එනවා.
"මට එක දිගට call ආවා.දැන් උයන්න ඕනි  අනේ."

    මට කිසිම දෙයක් හිතුනේ නෑ.මගේ මනස හිස් වෙලා.අමිල පෙරේරා ගේ සිංදුවක විරුද්ධ පද මගේ මනසේ වැඩ කරන්න ගත්තා.
                 ~ආදරේ මා දවාලයි..
                   ආදරේ මා දවාලයි..
                    ආදරේ මා........ දවාලයි....~


                                                           *   *   *   *   *   *   *

  ගෙදර ආවා.දවල් වරුවෙම ඔහේ ගත වුණා.පාළුව ඉවසන්නම බැරි තැන film එකක් බලන්න ගත්තා.
  Bachna ae hasino
       film එකේ මට මැවෙන්නේ රශීමයි.ඒක ලස්සන කථාවක්.ඒ film එකේ වගේම මාවත් ‍රැවටීමට ලක් වෙයිද කියලා මට නිකමට හිතුනා.

      හවස් වෙනකොට මගේ බඩ රිදෙන්න ගත්තා.ගොඩක් රිදුණා.දැන් ඒක පපුවටම ඇවිත්.
  ගෑස්ට්‍රයිටීස්....
  මට එහෙම හිතුනා.
ගෑස්ට්‍රයිටීස් ඇති වෙන්න බලපාන හේතු තුනක් තියෙනවලු.
  මානසික ආතතිය.
  නිසි වෙලාවට ආහාර නොගැනීම.
  දේශගුණික වෙනස්වීම්.
       ඒකෙන් මට බලපෑවේ මොකක්ද ?
       අනේ මන්දා.
"මගේ පපුව රිදෙනවා රශී."msg එකක් යැව්වා.දුක සැප දෙකම බෙදාගන්න ඕනි නේ ආදරේ කරනකොට.
"ආහ්,එහෙමද? ටිකක් නිදාගන්න.එතකොට හරි යයි."එයා එව්වා.
       පපුවේ කැක්කුම ඉවසන්නම බැරි වුණා.මගේ ඇස් වලින් කඳුළු පැන්නා.වේදනාව කටින් එළියට පැන්නා.මට කෑගැහුණා.
     අම්මා තාත්තා හොඳටම බය වුණා.

"ගන්න call එකක් ඉක්මනට."
"හන්දියේ ත්‍රීවීල් තියෙනවද දන්නෑ."
"අයියෝ,ඒ නම්බර් එක වැඩ නෑ.තරිඳුට ගන්න බලන්න."
      මට අම්මා ගේ තාත්තා ගේ කටහඬ යන්තමට ඇහෙනවා.වේදනාව නිසා කන් දෙක block වෙලා.
      ත්‍රීවීල් එකක් ආවා.අරෙහෙන් මෙහෙන් ඇඳුමක් ඇඳගෙන ගොඩ වුණා ඒකට.ලෝකෙම කළු වෙලා වගේ.
      කඩයක් ළඟ නැවැත්තුවා.මට බොන්න මොනාහරි දුන්නා.ඉවසන්න බැරි වේදනාව යන්තමට අඩු වුණා.වුණ දේ මට තේරුණා.මට ඒ දුන්නේ ගෑස්ට්‍රයිටීස් වලට දෙන පොඩි බෙහෙතක්.ඒකට චුට්ටක් අඩු වුණාට පපුවේඉ කැක්කුම තාම තිබුණා.
     ඔය විදියට මාව ඉස්පිරිතාලෙට ගෙනාවා.දැන් මං ඇඳේ.ඩොක්ටර් කෙනෙක් ආවා.
"පහුගිය දවස් වල කෑවේ නැද්ද වෙලාවට.නැත්තන් මොකක් හරි මානසික ගැටළුවක් තියෙනවද?"
"නෑ ඩොක්ටර්.එහෙම ප්‍රශ්නයක් නම් නෑ.ඒත් කන්න නම් බෑ වෙනදා වගේ."කන්න බැරි ඇත්ත හේතුව කියන්න මට ලැජ්ජ හිතුණා.මටම පුදුමයි.හිතේ ඇතිවෙන හැඟීමක් ශාරීරිකව බලපාන්නේ කොහොමද? මම බලෙන් හිතලා නොකා හිටියේ නෑ.ඒත් බත් එක අතට ගන්නකොට කන්න බෑ කියලා හිතෙනවා.ආදරේ කියන්නේ මෙච්චර ප්‍රභල හැඟීමක් ද?ශාරීරිකව බලපාන්න තරම්......

      පාළුයි ගොඩාක්...රෑ නින්ද යන්නෙත් නෑ.මගේ පාළුවට මගේ ළඟ උන්නු 4n එකත් නෑ.හදිසියට ඒක ගෙනාවේ නෑ.
      රෑ ගොඩාක් වෙලා කල්පනා කරා.ගොඩක් දේ තනියම හිතුවා.ළඟ ඉන්න කෙනා එක්කවත් කථා කරන්න හිතුණේ නෑ.මේ විදියට දුක් විඳ විඳ වැට උඩ තියෙන මේ ආදරෙත් එක්ක තවත් ඉන්නේ ඇයි කියලා මට දහස් වරක් හිතුණා.

(මේ දවස් මම පහුවෙලා දිනපොතේ ලියපු ඒවා.සමහර සිදුවීම් පැටලිලා ඇති.)

අගෝස්තු 9
         අලුත් දවසක්.ඒත් මගේ හිතේ කිසිම අලුත් ගතියක් නෑ.ඉස්පිරිතාල ග‍ඳෙන් දැන් මගේ නහය පිරිලා.
         රෑ බෙහෙත් බිව්ව නිසා දැන් පපුව රිදෙන එක නැවතිලා.ඒත් උගුරෙන් සද්දයක් එක්ක ඉක්කාවක් එනවා සැරින් සැරේ.
        උදේ අම්මා ආවා මං බලන්න.4n එක දවල්ට වත් ගේන්න කියලා අම්මට කිව්වා.
අම්මා ගොඩක් දුකින්.

"බෙහෙත් දුන්නද පුතේ.බිව්වද?" අපි වෙන ආදරයක් හොයාගෙන යන්නේ මොකටද කියලා හිතුණා අම්මා ආදරෙන් එහෙම අහද්දී.අම්මගේ ඇඟිලි තුඩු මගේ ඔළුවට පුදුම සහනයක් ගෙනාවා.
"ආයේ නම් නොකා නොබී ඉන්නේ නෑ අම්මේ.කන්න බැරි නම් වමනේ දදා හරි කනවා."මුවින් නොකිව්වට කඳුළු පිරුණු මගේ ඇස් දෙකෙන් කියවුණ දේ අම්මට තේරෙන්න ඇති.

~ආදරයේ උල්පත වූ අම්මා..
  මා ඔබගේ පුතු වී..
  ඔබ මතු බුදුවන දවසේ.. මා රාහුල කුමරුන් සේ..
  සෙවන පතා.. අදමෙන් පැමිනෙන්නෙමි..
  සුළැඟිල්ලේ එල්ලී.....~

හදවතේ පිරුණු දුකෙන් මේ පොත පුරවන්න පුළුවන්.ඒත් කථාව කියවන්න බැරි වෙයි.
    දවල් ආවේ තාත්තා.අනේ ඒත් 4n එක ගෙනත් නෑ.තාත්තට ඒක අම්ම කියලා නෑ.මේ කරදර අස්සේ අම්මට ඒක කියන්න අමතක වෙන්න ඇති.අනික මට ඒක ජීවිතේම කොටසක් වගේ කියලා මම දැනං හිටියට අම්මා ඒක දන්නේ නෑ නේ.
  තාත්තා ගියා.දැන් නම් මට වැඩි අමාරුවක් නෑ.හවස E.C.G එකක් ගත්තා.ඒක ගැන ඩොක්ටර්ස් ලා මොනාහරි කථා වුණා.අද රෑත් මේ අපායේ ඉන්න වෙයි වගේ.

                                                        මතු සම්බන්ධයි................

4 comments:

  1. ada nam maarama patta kathawak ban... matath kandulu awa wage eka kiyawala. ba meka pothakatama liyapan...

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තම කතාවක් නෙ බං.ඒ නිසා දුක තවත් වැඩියි.ඇත්තටම ඇඬෙන්න ඕනි සංවේදී මනුස්සයෙක් නම්...පොතකට ගහන්න තරම් දෙයක් තියෙයිද දන්නෙ නෑ..

      Delete
  2. any way machan, all the best... :D :D :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...