Tuesday, September 11, 2012

බාඳුරා සිහිනය 13

පෙර කොටස බාඳුරා සිහිනය 12


"හැමෝම එකතු වෙලා රුපියල් 2000 ක් දෙනවා නම් කැකිරාවට ගිහින් දාන්නම්." වෑන් එකේ හිටපු කෙනා කිව්වා.

ඉන්න ගාන ගණන් කරා.
     හරියටම දහයයි.එක්කෙනෙක්ගෙන් 200ක්.මගේ purse එකටම තිබුනේ 200යි.200ක් ඒකට දුන්නොත් මම කැකිරාවට යන්නේ කොහොමද? මම purse එක බලනවා රශී දැක්කා.
"රනූ,මම සල්ලි දෙන්නම්.මං ලඟ සල්ලි තියෙනවා." කොහොම වුණත් රශීගෙන් සල්ලි අරන් යන්න මට හිතුණේ නෑ.මගේ උඩඟු කමකට නෙවෙයි.මට මොහොතකට හිතුණා රශීගෙන් මෙහෙම සල්ලි ගත්තොත් එයා වැරදියට හිතයි කියලා.'කෙල්ලොන්ගෙන් දත ගලවන එක වැරදියි' මගේ යාළුවෙක් කියපු දෙයක් මතක් වුණා.

"රනූ" රශී මගේ අතෙන් අල්ලගෙන මගේ ඇස් දිහා කෙලින්ම බැලුවා.
"ඔයාගේ අමාරුකම් මට තේරෙනවා රත්තරන්.කියන දේ අහන්නකෝ ඉතින්.අපි මේකෙ යමු."මට රශීව බදාගන්න හිතුණා හිතට ආපු සතුටට.ඇත්තටම එයාට මාව ගොඩක් හොඳට තේරෙනවා.රුපියල් 2000ක් එකතු කරලා දුන්නා.හැමෝම වෑන් එකට නැග්ගා.ඒත් එක්කම බස් එක ආවා.හැමෝම වෑන් එකෙන් බැහැලා,සල්ලිත් ඉල්ලගෙන බස් එකට නැග්ගා.
      ඒකෙත් පිටිපස්සේ seat එකේ.කවුරුවත්ම නෑ.මමයි රශීයි අපේම ලෝකෙක තනි වුණා.එයාට ගොඩක් මහන්සි පාටක් මම දැක්කා.
"ඔයාට මහන්සි පාටයි.පැය ගානක්ම බස් එකේනේ.චුට්ටක් නිදාගන්නකෝ." මම එහෙම කිව්වේ ගොඩක් දුක හිතුන නිසා.

       එයා මගේ උකුල උඩ නිදාගත්තා.පැයකට විතර පස්සේ අපි කැකිරාවට ආවා.
      කැකිරාවෙන් යන හැම බස් එකක්ම පිටත් වෙලා ඉවරයි.කැකිරාවේ ඉඳන් රශීගේ ගෙදරට කිලෝමීටර 2ක් විතර තියෙනවලු.මගේ යාළුවෙකුත් ඒ හරියෙම ඉන්නවා.රශීත් අඳුරන කෙනෙක්.මම එයාට call එකක් දුන්නා.
"වරෙන් මචන්.අවුලක් නෑ." යාළුවෝ හැමතනම ඉන්න එක කොච්චර ප්‍රයෝජනද කියලා මට හිතුණා.
රශී එයාගේ තාත්තට call එකක් දුන්නා.
"තාත්තා තව ටිකකින් බයික් එකෙන් එයි.ඔයා කොහොමද යන්නේ යාළුවගේ ගෙදරට.?"
"ත්‍රීවීල් එකක යන්නම්." එහෙම කිව්වට කීයක් ගනියි ද කියලා මට සැකයක් ඇති වුණා.
"මේක තියාගන්නකෝ." කියලා රශී රුපියල් 200ක් දුන්නා.ඒත් මං බොහොම අමාරුවෙන් ආපහු ඒක රශීටම දුන්නා.
    රශීගේ තාත්තා ආවා.මම නොපෙනෙන්න හිටියා.එයා ගියාට පස්සේ මමත් ත්‍රීවීල් එකේ යාළුවගේ ගෙදර ගියා.
   එක ‍රැයක් රශීගේ සුවඳ,රශීගෙ ගමේ සුවඳ විඳින්න මට පුළුවන් වුණේ එහෙමයි.

 
      කල්පනා ලෝකෙන් මිදිලා පියවි ලෝකෙට ඇවිත් බිත්තිය දිහා බැලුවා.වෙලාව 12ත් පහු වෙලා.නිදාගන්න ඕනි දැන්වත්.

අගෝස්තු 10
       ජීවිතේ හරි පුදුමයි.මිනිස්සු ඊට වඩා පුදුමයි.තේරුම් ගන්න හරිම අමාරුයි.
   
       උදේ මාව discharge කරා.ගෙදර එනකොට 9ට විතර ඇති.ආපු ගමන් මම බැලුවේ 4n එක.අනේ ඒක off වෙලා.බැටරි බහින්න ඇති.
       රශීගෙන් මිස් කෝල්.msg මහා ගොඩාක් ඇති.
එහෙම හිතාගෙන 4n එක on කරා.අනේ......
msg 2ක් තිබුණා.ඊයෙ උදේ එවපු 2ක්.

"ඔයා ඇයි silent?"
"පපුවේ කැක්කුම දැන් හොඳද."

     අඩුම තරමේ missed call alert වත් ඇති කියලා හිතුවා.එක alert එකක් වත් නෑ.
"මාව වටින්නේ නැතුව ඇති." මම ගොඩක් දුක් වුණා.
මේ දුක උදාහරණ දාලා විස්තර කරලා වැඩක් නෑ.

දුක................
මගේ දුක......
ඇගේ......
දුක.....?
සතුට...?
...........?
                 
      යැව්වා msg එකක්.
"sorry රශී,මට පෙරේදා රෑ පපුවේ කැක්කුම වැඩි වුණා.අම්මලා මාව හොස්පිටල් ගෙනිච්චා.ඊයේ දවසෙම hospital.දැන් තමයි ආවේ.4n එක ගෙනියන්න අමතක වුණා.ළඟ ඇඳේ හිටිය කෙනාගේ 4n එකෙන් තමයි msg එකක් එව්වේ.ඔයාට බොරුවක් කිව්වේ කලබල වෙයි කියලා හිතලා.ගෙදර ඇවිත් බලනකොට 4n එක off වෙලා.දැන් තමයි on කරේ."
    msg එක send  වුණා.delivery report  එක ආවා.පැයක් ගියා.පැය 2ක්.....

"ආ....එහෙමද.ඊයේ රෑ කොහෙද හිටියේ?" පිස්සුද මෙයාට.මට එහෙම හිතුණා.ඇයි යකෝ මෙච්චර සිංහලෙන් කියලා hospital කියලා තවත් අහන්නේ මොකද හිටියේ කොහේද කියලා.
"ඇයි අනේ,දැන් මං ඔයාට කිව්වේ.ඊයේ රෑ hospital හිටියේ."
"හ්ම්..වෙලාවට බෙහෙත් ටික බොන්නකෝ."ඒකත් ආවේ තවත් පැයක විතර විරාමයකින්.

      හරිම පුදුමයි.යාළුවෙක් hospital එකේ කිව්වත් මීට වඩා සංවේදී විදියට ඒක ගැන අහනවා නේද කියලා මට හිතුණා.මොකක් හරි පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා කියලා මට දැන් ස්ථිරයි.

"අනේ රශී,ඔයා නෑ කිව්වට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාට.plz මට ඒ ගැන කියන්න.ඇයි මට ඒක කියන්නේ නැත්තේ."

"මම ආදරෙයි කියලත් කෙලින්ම කිව්වනේ රනූ.මේකත් කෙලින්ම කියන්නම්................

                                           
                                                                 මතු සම්බන්ධයි.....................

2 comments:

  1. දයාබර රනූ වෙත.

    හ්ම්ම්ම්..තවත් එක ආදර කතාවක් කියල හුස්මක් පිට කරන එක අසාධාරණයි නේද කියලා හිතුන නිසාම ඒ සිතුවිලි සේරම නැතත් පුළුවන් හරියක් වචනයට එක්කහු කරන්න හිතුනා.ඉතිං රනු ඔබ ඔබේ ආදරය වේදනාවෙන් අපිට පවසනවා..අපි ඒ හැමදේම පක්ශග්‍රාහීව හෝ ඒක පාර්ශවීයව අහගෙන ඉන්නවා.ඒ අතරේ මගේ පණ්ඩිත හිත මේ හැම සිදුවීමක් අස්සෙන්ම දුවනවා.ඒ හැම අහුමුල්ලක්ම මගේ නෙත ගැටෙනවා.මට කවුරු පිළිබදවවත් සුදු හෝ කළු සිතුවමක් මැවෙන්නේ නෑ.දයාබර රනු,නවකතාවක චරිතයක් වුණු නුඔ කිසිදා මට මුනගැසී නොමැත.මට හැගෙන පරිදි ලක්මාලී හෝ රනූ වරදක් කර නොමැත.එය මා එසේ පැවසුවද මෙය තේරුම් ගැනීමටනම් ඒ පිළිබද මැදිහත් සිතින් අවධානය යොමු කළ යුතුමය.ආදරය....මට කෙනෙක් ආදරය කියූ පමනින්ම ඇය මගේ වෙයි.ඔහු ඇගේ වෙයි.ඒත්....ගැටළුවකි,ලද සැනකින් ඇයට මගේ වන්නට පුලුවන්නම්.මා ඇයගේ වන්නට පුළුවන්නම්.වෙන්ව යාමටද අප දෙදෙනාටම සමාන වූ අයිතියක් ඇත.මා පවසන කාරණය එකෙකු අසාධාරනයක් මතයක් ලෙස පැවසීමට උත්සහ දරනු නොවනුමානයි.අප අසාධාරණය පිළිබද කතිකාවතක් ගොඩනගන්නේ අපිට අසාධාරනයක් වූ විට පමණි.අපිට වාසියක් වූ කිසිම දිනක අපි අන් අයට සිදු වූ අසාදරනය පිළිබද දොඩමළු වීමට මැලි කමක් දක්වයි.නමුදු යතාර්තය එයයි.ලක්මාලි සහ රනූ එකිනෙක හදවත් වැළදගත්තෙ ඔහුන් දෙදෙනාගේ සෙනෙහසේ රිද්මය එක සමාන වූ නිසාවෙනි.හරියට ගීතයක පැටළුණු තාලයක් පරිද්දෙනි.නමුදු අද ඒ ගීතයට තාලය අහිමි වී ඇත.ඇතැම් විට ලක්මාලීගේ හද වෙණේහි සත්සරයන් කම්පණය වන්නේ දයබර රනූ ඒ ඔබේ තාලයෙන් විය නොහැකිය.කිසිදිනක මා නොදු‍ටු මිතුර රනූ.එදා ලක්මාලී ඔබට ආදරෙයි කියූ දිනය සිහිපත් කරන්න.එදා ඔබ සතු‍ටු වූ තරම සිහිපත් කරන්න,දයාබර මිතුර එදා සතු‍ටු වූයෙද නුබය,අද දුක් වන්නෙද නුබය.එදා සතු‍ටු වීමට නුබට සිදුවූවා සේම අද දින දුක් වන්නටද නුබේ සිත හුරුකරගත යුතුය.සතුටේදී නුබ දොඩමළු නොවූ නමුත් අද...දුකෙදී නුබ දොඩමළු වන්නට උත්සහ දරා ඇත.එය ඔබේ සැනසීමට හේතු වන්නට පුළුවන.නමුදු දැන් ජීවිතය දෙස නුබ යොමන දෙනත් වෙනස් වීමට භාජනය කළ යුතුමය. මගේ සොහොයුර...ඇයට නුබට ආදරය කිරීමට අයිතියක් ඇතිවා සේම වෙන්වීමටද සම්පූර්ණ අයිතිය ඇත.දයබර මිතුර නුබට කළ හැක්කේ ඒ නුබේ දෑසට බොදවෙන ඒ සිතුවම දෙස උපේක්ශාවෙන් දෙනෙත් යොමුකිරීම පමණි.ඉන් එහා කළයුතු යමක් නොමැත.මා නොදු‍ටු මිතුර.නුබට ජයෙන් ජය!!!!!

    ReplyDelete
    Replies
    1. Thanx ,මචං cmnt එකට.ඇත්තටම රනූට ලියපු උඹේ මේ වචන ටික මගේ හදවතට දැනුනා.සමාජේ හැමෝටම මේක තේරෙනවා නම් ආදරේ සම්බන්ධ ප්‍රශ්න ගොඩක් අඩු වෙයි.
      "මගේ සොහොයුර...ඇයට නුබට ආදරය කිරීමට අයිතියක් ඇතිවා සේම වෙන්වීමටද සම්පූර්ණ අයිතිය ඇත"
      Love these words...Thanx again

      Delete

Related Posts Plugin for WordPress, Blogger...