Thursday, September 13, 2012

බාඳුරා සිහිනය 15

පෙර කොටස බාඳුරා සිහිනය 14


"මට වෙන කරන්න දෙයක් නැහැ.මම ඊයේ පෙරේදා දවස් දෙකේම අම්මගේ කැමැත්ත ගන්න try කරා.මම ඔයා ගැන විස්තර කියන හැම වෙලේම අම්මා මගෙත් එක්ක තරහෙන් උඹ උඹ කිය කිය කථා කරේ.උඹට දැන් මිනිහෙක් විතරද අඩු.උඹ දැන් ඉගෙන ගෙන ඉවරද?.උඹට ඔය campus එකේ විතරද මිනිස්සු ඉන්නේ කියලා මට මූණටම බැන්නා."

"රශී,ඔයා මගෙන් ඉල්ලපු දෙයක් මං ඔයාගෙන් ඉල්ලන්නද?"(රශී මට කලින් කිව්ව දෙයක් මතක් වුණා. "රනූ,මට ඔයාගෙන් කන්න, අඳින්න, ළමයි ඕනි නෑ.මට ඔයාගේ ආදරේ විතරක් දෙන්න.ඒ මට ඇති.")

"ඔව් මොකක්ද? ඒක දෙන්න පුළුවන්ද කියලා නම් මට කියන්න බෑ.මොකද මං දැන් අම්මට පොරොන්දු වෙලා ඉවරයි මේක නවත්තනවා කියලා.අම්මා හිතන් ඉන්නේ ඒක දැන් නෑ කියලා.මං කිව්වා දැන් ඔයා මට කතා කරන්නෙත් නෑ කියලා."

"රශී මට ඔයා බඳින්න ඕනි නෑ.මට ඔයාගෙන් ළමයි ඕනි නෑ.ඔයා මට ආදරේ කරන්න රශී.මට ඒ ඇති.එච්චරයි මං ඉල්ලන්නේ." හිඟන්නෙක්ටත් වඩා අන්ත විදියට මං ආදරේ යදින්න ගත්තා.
   
        ටික වෙලාවක නිහැඬියාවකින් පස්සේ......
"ඒත් ඒක මට කරන්න වෙන්නෑ රනූ.මං කවදහරි බඳින්නත් ඕනි.ළමයි හදන්නත් ඕනි.මොකද මේ ගෙදර ඉන්න එකම කෙල්ල මම."

"රශී,ඔයා එදා මට කිව්වා නේද ඔයා චූටිට ආදරේ කරන්න,ඔයා චූටිව බඳින්න,ඒත් මට ඔයා ආදරේ කරන්න.ඒ ඇති මට කියලා.මං ඒ ඉල්ලීම දැන් ඔයාගෙන් ඉල්ලන්නනේ.ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරන්න.වෙන කෙනෙක් බඳින්න.ඒත් මට තිබුන ආදරේ වෙනස් නොකර ඉන්න බැරිද ඔයාට." මම දිගින් දිගටම මෝඩ විදියට තර්ක කරා.


"මං කොහොමද රනූ ඔයාට ආදරේ කරන්නේ.ඔයාව අමතක කරනවා කියලා ගෙදරට වුණ පොරොන්දුව කඩන්නේ කොහොමද මං.අනික මට තනි තීරණ ගන්න බෑ.අම්මල කිව්වොත් අද මට campus යන්න එපා,උඹ මං කියන දේ අහන්නේ නෑ,ගෙදර ඉඳපන් කියලා මට ඉන්න වෙනවා රනූ.මොකද මට bursary නෑ,මහපොළත් නෑ.මට සත පහක් වත් ලැබෙන්නේ නෑ කොහෙන්වත්.ඒ මිනිස්සු වියදං කරන එකෙන් තමයි මං campus ඉන්නේ.ඔයා විස්වාස කරන එකක් නෑ රනූ.ගෙදර මිනිස්සු කනවා නෙවෙයි ලෙවකනවා මං campus එකේ ඉන්න නිසා.ඔයාට කියන්න ගෙදරට කිරි පැකට් එකක් ගේන්නේ නෑ.මං ඉන්නකොට තමයි කිරි පැකට් එක ගේන්නෙත්."

"රශී,මට හම්බවෙන scholarship වලින් බාගයක් මං ඔයාට වියදම් කරන්නම් රශී."රශීව මගේ ලඟ තියාගන්න කියන්න පුළුවන් හැමදේම බොහොම අසරණ විදියට මං කිව්වා....

"එපා මට එපා.මගේ අම්මයි තාත්තයි මට වියදම් කරන්න බෑ කිව්වේ නෑනේ,"
"මං ඊට පස්සේ මං job එකක් කරලා සල්ලි හම්බ කරන්නම් රශී." මට ඇඬුණා.

"මට ඔයා කියන එක තේරෙනවා.ඔයාව තේරෙනවා.මං ඔයාගේ හිතෙන් ටික ටික අයින් වෙලා යන්නම්.ඔයා කියනවා වගේ මේක සරලව සම්බන්ධ නෑ.අම්මා අඬනවා.අම්මට නන්ගිත් නෑ.(රශීගේ නන්ගී ලියුකේමියාවට ගොදුරු වෙලා මේ ලෝකේ දාලා ගිහින් අවුරුදු 17 දී).
මමයි මල්ලියි,තාත්තයි ඔක්කොම ඉන්න තැන.අම්මා නංගිගේ අත අල්ලගෙන හිටියේ,මම නංගිගේ ඔලුව අල්ලගෙන හිටියේ,තාත්තා අනිත් පැත්තෙන් නංගිගේ ඔළුවයි අතයි අල්ලගෙන හිටියේ,මල්ලී කකුල් දෙක ළඟ හිටියේ.එහෙම ඉද්දී තමයි මගේ නංගිගේ හුස්ම ටික ගියේ.ඒ වෙලාවේ මගේ නංගි මගේ අත අල්ලගෙන කිව්වේ මට එක දෙයයි.මගෙන් ගත්තේ එක පොරොන්දුවයි."අම්මගෙයි තාත්තගෙයි හිත රිදවන්න එපා අක්කේ.මං මගේ ශක්තිය ඔක්කොම ඔයාට දීලයි මේ ලෝකෙන් යන්නේ."එහෙම කිව්වා ඒ ළමයා.මට ඒ ළමයා අමතක කරන්නත් බෑ රනූ.ඒකයි මං කිව්වේ මට ගෙදර අමතක කරන්න බෑ කියලා."

"රශී,ඔයාට ඕක කලින් හිතුනේ නැද්ද?"

"හිතුණට මං හිතුවේ නෑ මේක ඔය තරම් බරපතල වෙයි කියලා.මං හිතුවේ නෑ ගෙදරින් ඔයාට අකමැති වෙයි කියලා."

"මට දැන් ආපහු හැරෙන්න බෑ රශී." මට ආපහු ඇඬුණා.

"මටත් බෑ රනූ.ඒත් මට අම්මව අතාරින්නත් බෑ.මේ ලෝකේ ඕනිම කෙනෙකුට කෙල්ලෝ ඉන්න පුළුවන් ගොඩක්,කොල්ලෝ ගොඩක් ඉන්නත් පුළුවන්,ළමයි ගොඩක් හදන්නත් පුළුවන්.ඒත් එක අම්මයි ඉන්නේ,එක තාත්තයි ඉන්නේ."

"අඩුම තරමේ ඔයාට campus එකේදි මාත් එක්ක යාළුවෙක් විදියට වත් ලඟින් ඉන්න බැරිද රශී.?"
"මං සෙල්ලම් බඩුවක් නෙවෙයි රනූ.අපි අපිට පුළුවන් විදියට අපේ හිත් හදාගමු.මම නිරාශ්ව අමතක කරේ අමාරුවෙන් හරි.මේකත් බැරි වෙන එකක් නෑ.අපි ගොඩක් හොඳ යාළුවෝ විදියට දුරින් ඉමු."

      තවත් ආදරේ යැදලා තේරුමක් නෑ කියලා මට තේරුණා.ඒත් මට රශී මුණ ගැහිලා කතා කරන්න ලොකු වුවමණාවක් තිබුණා.මොකද එයාට ගත්ත birthday present එක තාම අක්බාර් එකේ කාමරේ locker එකේ........

                                                       මතු සම්බන්ධයි............

2 comments:

  1. හිත හදා ගන්න රනු... ඔයාට පුළුවන්... :D

    ReplyDelete
  2. හිත හදාගන්න පුළුවන් නම් හදාගන්න තිබුනා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...