Friday, September 14, 2012

බාඳුරා සිහිනය 16

පෙර කොටස බාඳුරා සිහිනය 15


"ඔයා ආයේ campus යන්නේ කවදද රශී? ට්‍රිප් එක යන්න එනවා නේද?"

"නෑ රනූ,මට ගෙදරින් එන්න දෙන්නේ නෑ."
         මගේ ඒ බලාපොරොත්තුවත් සුන් වුණා.
 
ගොඩක් දුක්බර ඒත් කුතුහලය පිරුණු හිතකින් call එක cut කරා.
මම හිතන්න ගත්තා.ගින්නක පිච්චි පිච්චී....

     ලොකු අන්ධකාරයක තනි වුණා.මම ඒ අන්ධකාරයේ හැම අහුමුල්ලකම එළියක් හෙව්වා.ඒත් මට හම්බවුණේ ගිනිකූරක් විතරයි.ඒක අවුලගන්න ගිනි පෙට්ටියක් මට තිබුණේ නෑ.ඉතින් මං ඒ ගිනිකූර පාවිච්චි කරන්න පුළුවන් උපරිමයෙන් පාවිච්චි කරා.
     හැමදේම ගැන මං ගොඩක් සංයමයෙන් හිතන්න පටන් ගත්තා.ගිණිගොඩක ඉඳන් හිතන්නේ කොහොමද කියලා ඔයා හිතයි.ඒත් මං හිතුවා.කොහොමහරි හිතුවා.කොහොමහරි කාරණා එකින් එක මුල ඉඳන්ම ගවේෂණය කරන්න වෙනවා.ෂර්ලොක් හෝම්ස් වගේ.............



                                                     
                                                             *    *    *    *    *    *


 ඉස්සෙල්ලම මට හිතුණේ 29 වෙනිදා ඉඳන් රශී වෙනස් වෙන්න පටන් ගත්ත එක.

පළවෙනි සැකය එල්ල වුණ තැන තමයි මං hospital එකේ හිටියා කිව්ව එකට රශී දුන්න උත්තරේ.
        ගොඩක් ආදරෙන් හිටිය,ඉන්න කෙනෙක් නම් ඒකට දෙන්නේ එහෙම උත්තරයක් නෙවෙයි නේ.
       
සැක කරන්න පුළුවන් හැම තැනක් ගැනම රනූ හිතන්න පටන් ගත්තා .

affair එකට ගෙදරින් අකමැතියි කියලා කියන එක එව්ව msg එක.....
        ආදරේ හිතේ පිරිලා තිබුණා නම් ඒක එවන්නේ එහෙම නෙවෙයි. "අනේ රනූ,දුකෙන් වුණත් අපි මේක                    දරාගමු.මේක අහලා ඔයා කලබල වෙන්න එපා.අපේ අම්මා ඔයාට කැමති නෑ.........etc" ඔහොම msg එකක් නොඑවා ගහගන්න වගේ එවපු msg එක මේක කියවන ඔයාටත් මතක ඇති.

call එක ගන්නකොට මම ඇහුවා "ඔයා කොහෙද ඉන්නේ" කියලා.ඒකට එයා දුන්න උත්තරේට මගේ ඊළඟ සැකය එල්ල වුණා.
        යන්න කලින් එයා මට කිව්වේ හැමෝම ත්‍රීවීල් එකේ යනවා කියලා.ඒත් එයා උත්තර දුන්නේ අම්මලා බයික් එකේ එනකං මං කලින් ආවා කියලා.අනික හැමෝම එක්ක එකට ගමනක් ගියා නම් එක්කෙනෙක් කලින් එන එක මේ වගේ ගමනකදි ප්‍රායෝගිකද................................?
    ඒ සැකයෙන් මම පොඩි උපකල්පනයකට ආවා.call එක එනකං මාව පැය 5ක් තැම්බෙන වතුර එකකට දාලා, එයා බෙහෙත් විදින්න මල්ලි එක්කගෙන ගියේ නෑ,මට කියන්න ඕනි දේවල් plan කරා.

ඊළඟ සැකය තමයි මගේ දරුණුම සැකය වුණේ.ජානක(අවුරුදු 4ක් බාල මල්ලි ) එක්ක තිබුණු affair එක ඇත්තටම රඟපෑමක් ද? 

ඒ ගැන හොයන්න කලින් මට දැනගන්න ලේසිම දෙයක් ගැන දැනගන්න හිතුවා මම.

"හෙලෝ,සනුරි නේද?" මම කථා කරේ රශී ගේ හොඳම යාළුවෙක්ට campus එකේ.
"ඔව් මචන්,කියපන්"
"මචෝ,අපේ affair එක break වුණා.එයා කිව්වේ ගෙදරින් අකමැතියි කියලා.ඒත් මට ඒ ගැන සැකයි.ඒකයි මං උඹට කතා කරේ." රශීගේ හොඳම යාළුවෙක් වුණාට මං සනුරිගේ හිත උපරිමයෙන්ම දිනාගෙන හිටපු නිසා මේ දේ කියන්න මට බය හිතුණේ නෑ.
"ම්.....ඒකත් එහෙමද? උඹට මගෙන් දැනගන්න ඕනි මොකක්ද කියපන්කෝ..: " කෙලින්ම මාතෘකාවට බහින ජාතියේ කෙල්ලෙක්.
එල......
"මේකයි බං.රශීට වෙන affair එකක් තිබුනද campus එකේ.අඩුම තරමේ තිබිලා නැති වුණාද? " මගේ හයවෙනි ඉන්දීයට ගෝචර වුණ දේ හතරවෙනි ඉන්ද්‍රීයෙන් පිටවුණා.

"ම්....උඹට ඒකි කිව්වේ නැද්ද බං.හරි,මං දන්න දේවල් කියන්නම්.උදාර කියලා අපේ facultyයෙම කොල්ලෙක් ඒකිගෙන් ඇහුවා.ඒකි අකමැත්තෙන් හිටියා.ඒත් දන්නෙම නැතුව දෙන්න set වෙලා.ඒකට ඒ කොල්ලා party එකකුත් දුන්නා.ඒත් ඒ affair එක දවස් දෙකකින් විතර break වුණා.මේකි ඌට බෑ කියලා,අවුරුද්දක් බාල නිසා ගෙදරින් අකමැති වෙයි කියලා බයේ.හැබැයි උඹත් අවුරුද්දක් බාලයි නේද? " මගේ මූණේ ලාවට හිනාවක් ආවා.ඒ මම බාලයි කියපු නිසා නෙවෙයි.මම දන්නෙ නැති දෙයක් සනුරිගේ කටින්ම මට දැනගන්න ලැබුන එකට.

       අඳුරේ හිටපු මට, ලැබුණු ගිනිපුපුර ගොඩක් වටිනවා.

     මේ ගැන රශීගෙන් අහලා බැලුවා නම් හොඳයි කියලා මට නිකමට හිතුණා.ඇත්ත කියන කෙනෙක් නම් ඒක පිළිඅරං "මට ඒක කියන්න අමතක වුණා රනූ" කියන උත්තරේ දෙයි කියලා මම හිතුවා.

"උදාරයි ඔයයි අතරේ තිබුනේ මොන වගේ සම්බන්ධයක්ද?" කෙලින්ම ඇහුවා මම.

"එයා මගෙන් යාළු වෙන්න ඇහුවා.මම බෑ කිව්වා.ඒත් එයා වැරදියට තේරුම් අරන් කොල්ලන්ට party එකකුත් දුන්නා.එහෙම affair එකක් අපි අතර තිබුනේ නෑ"

                            සැකය > උපකල්පනය > ගවේශණය > විස්වාසය > තහවුරු වීම

     රශීගේ හොඳම යාළුවෙක් කිව්ව දේ මගේ හිත තදින්ම විස්වාස කරා.අනිත් අවිස්වාසයන් එක්කම රශී තවත් බොරුවක් මට කිව්වා කියන දේ මගේ හිතේ තදින්ම කාවැදුණා.

    මගේ සැකය තීව්‍ර වෙන්න පටන් ගත්තා.රශී මට කිව්ව හැමදේම බොරු කියලා මට දැනෙන්න ගත්තා.ඒත් මං කොහොමද ඒ දේවල් ඔප්පු කරගන්නේ?
ඔප්පු කරගත්තත් මම හැම දෙයක්ම දැනගත්ත බව රශීට කියන්නේ.....?

    හැමදේම මොහොතකට අමතක කරලා මම ලොකු plan එකක් ගැහුවා.මම අද ඉඳන් play කරන්නේ Game එකක්.ඒ  Game එකේ ජයග්‍රහණය රඳා පවතින්නේ මම play කරන විදිය මත විතරක් නෙවෙයි. Game එකේ චරිත මට ඕනි විදියට හසුරුවන්න මගේ තියෙන දක්ෂතාවය අනුව තමයි මේ  Game එක මට දිනන්න පුළුවන් වෙන්නේ.
Game එකේ නම.............
                                     Revenge R

     හැබැයි ඒ R,රනූ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

                                                                 Revenge R
                             
                             අරමුණු ~ රනූගේ හිත හැදීම,අඳුරේ සිටින රනූට එළියක් දීම.
                                             රශීගේ අරමුණු  මොනවාදැයි දැනගැනීම.

                             ක්‍රියාත්මක කරන ආකාරය ~ මතු සම්බන්ධයි.....

                                         
                                                                මතු සම්බන්ධයි.......................

5 comments:

Related Posts Plugin for WordPress, Blogger...