Wednesday, September 19, 2012

බාඳුරා සිහිනය 21

පෙර කොටස බාඳුරා සිහිනය 20


අගෝස්තු 15
                උදේ නැගිට්ට ගමන් රශීගේ fb account එකට ගිහින් බලන්න හිතුණා මට.ඒත් එයා password එක වෙනස් කරලා.මගේ මූණේ ලාවට හිනාවක් ඇඳුනා.හහ්..password එක වෙනස් කරාට මට මේකට යන්න බෑ කියල හිතුවද දන්නෙ නෑ මෙයා.හහ්.........
                 මම මගේ ශිල්ප ක්‍රම පාවිච්චි කරා.එයාගෙ account එකට log වුණා.chat list එකේ හැම එකක්ම බැලුවා.agriculture faculty එකේ කොල්ලෝ ගොඩක් chat කරපු විදිය මගේ හිතේ ලොකු කේන්තියක් ඇති කරන්න හේතු වුණා.නෑ කේන්තිය වැඩි කරගන්න හේතු වුණා කිව්වොත් නිවැරදියි.
              මාකස් ප්‍රනාන්දු hall එකට ගියා පාළුව ඉවසන්නම බැරි තැන.මට කාත් එක්ක හරි මේ දේවල් කියන්න ඕනි.මගේ හොඳම යාළුවෙක්,පොඩි කාලෙ ඉඳන් දන්න කියන යාළුවෙක් medical faculty එකෙ හිටියා.එයා හිටියේ මාකස් එකේ.strike තිබුණට එයාලට lectures තිබුණා.මම එයාව හොයාගෙන ගිහින් දැනගත්ත හැමදේම එයා ඉස්සරහා දිගහැරියා.අවසාන ටික කියද්දී මම chat list එකේ තිබුණ නම් ටික එයාට කිව්වා.එයා නම් අහන් ඉඳලා.......

"අඩෝ රනූ,උන් ටික ඉන්නෙත් මාකස් එකේමයි.මේ ලඟමයි උන්ගේ rooms තියෙන්නේ." කිව්වා.

    මගේ ඉහේ මලක් පිපුනා වගේ.මම ඉක්මනට මගේ යාළුවා චතුර එක්ක උන්ගේ rooms හොයාගෙන ගියා.උන් set එකම එකම තැන.ඕම්බි ගහනවා.මරු..මගේ හොඳ කාලයක් වගේ.මම ප්‍රාර්ථනා කරන හැමදේම ඒ විදියටම සිද්ධ වෙනවා.


      මම මට වෙච්ච දේ උන් එක්ක කිව්වා.ඒත් නිරාශ්ගේ කතාව මම කියන්න ගියේ නෑ.ඒකෙන් රශීගෙ චරිතයට ලොකු හානියක් වෙනවා.ඒකට මම කැමති නෑ.හැමදේම කියලා අන්තිමට මම මෙහෙම කිව්වා.

"උඹල එක්ක රශී chat කරලා තිබුණා."

"ආහ්,ඔව් බං.ඒකි ඕනි කොල්ලෙක් එක්ක girl friend වගේ chat කරනව බං.මට නම් ඒක ආතල්.ඒ නිසයි මං chat කරේ." එකෙක් හිනා වෙවී කිව්වා.

"ඔව් නේ බං.මාර විදියට fit වෙනවා ඒකි.මට නම් කිව්වේ ඒකිට boy friend කෙනෙක් නෑ කියලා.ඒත් බොරුනේ කියලා තියෙන්නේ." තවත් එකෙක්.

     මම ආපහු පටන් ගත්තා.

"මට දැන් තියෙන එකම ප්‍රශ්නේ බං මේකි මට මෙහෙම කරේ ඇයිද කියලා.සමහර විට වෙන කොල්ලෙක් එක්කවත් set වෙන්න හිතාගෙනද දන්නෑ." මේ ඇග්‍රී එකේ කොල්ලෝ එක්ක රශී chat කරපු විදිය නිසා මෙයාලගෙන් එක්කෙනෙක් එක්ක රශී set වෙලා ඇති කියලා මගේ හිතේ ලොකු සැකයක් තිබුණා.මම ඒ සැකය නොකියා කිව්වා.

"එහෙමනම් බං ඒ අපේ කැළුම් එක්ක."

"ඇයි උඹ එහෙම කියන්නේ?" ඒක කියපු එකාගෙන් මං එහෙම ඇහුවා.

"නෑ බං.ඌ ගැන තමයි මේකි වැඩිපුරම අපිත් එක්ක කථා කරන්නේ.අනික මූත් ඒකිගේ පස්සෙන් ගියා කාලයක්."

"මගේ හිතේ තවත් කුතුහලයක්.2 වෙනි mission එක මගහැරලා 3 වෙනි එකට පනින්න වෙයිද කියලා මට නිකමට හිතුණා.
    කැළුම් ගැන දැනගන්න ඕනි.මගේ හිතේ තදබල කුතුකලයක්.

කැළුම් කැළුම් කැළුම්................
  කැළුම් ද මගේ මේ දුකට හේතුව? කැළුම් එයාගේ යාළුවෙක් කියලා රශී මට කියලා තිබුණා.හෙට trip එකට කැළුම් නම දීල තිබුණා කියලා මට දැනගන්න ලැබුණා.ඉතින් ඒ දේ ඔස්සේ මේ mission එකට මුලු පුරන්න මම තීරනය කරා.
   තවමත් රශී සහ මම යාළුවෝ විදියට msg කරා.ඉතින් මම යැව්වා msg එකක්.

"මට කැළුම් ගේ නම්බර් එක එවන්නකෝ." රශීගෙ හිතේ කැළුම් ගැන මම හිතන විදියේ අදහසක් තියෙනවා නම් මේ msg එකට එයා shock වෙනවා කියලා මට හිතුණා.
   පැයක විතර නිහැඬියාව මට ගොඩක් දේ කිව්වා.
"මොන කැළුම් ගෙද?"

"අග්‍රී එකේ කැළුම්ගේ.වෙන කාගෙද ඉතින්."

"071.....................මෙන්න ඒක." මට නම්බර් එක ලැබුණා.

      මම හිතාගත්තා මේ ගැන කතා කරන්න කලින් කැළුම් එක්ක හොඳ යාළු කමක් ඇති කරගන්න ඕනි කියලා.

"මචං,මම රනුක්.හෙට trip එක යන්න මමත් එනවා.මගේ නමත් දාපන් list එකට."

"ok මචං,මේ උඹේ නම්බර් එකනේ.මං ඒක save කරගන්නම්."

"ok කැළුම්." මටත් තේරුණා කැළුම්ටත් මගෙත් එක්ක යාළුකමක් ඇති කරගන්න තදබල වුවමනාවක් තිබුණ බව.

      චතුරයි මමයි හවස ගොඩක් දේ කතා කරා.එයත් කෙල්ලෙක් නිසා ජීවිතේ ගොඩක් විඳවන කෙනෙක්.ඒත් එයා ජීවිතේ දිහා සුභවාදීව බලන්න උත්සාහ කරනවා.මගේ හිත හදන්න ගොඩක් try කරා.මාකස් එකේ ඉස්සරහා තියෙන බංකු දෙකක වාඩි වෙලා අපි ඉර බැහැගෙන යන හැටි බලාගෙන හිටියා.මේ විදියට ඉර බැස්සට ‍රැයක් ගතවෙලා හරි හෙට ආපහු ඉර පායනවනේ බං.අද රෑ අමාවක වුණත් හෙට උදේම ඉර පායනවා.මේ අමාවක සීතල,අඳුර,තනිකම,පාළුව ඉවසන්න අපිට පුළුවන් නම් හෙට රෑ අපිට ගතකරන්න ඒ හැම අත්දැකීමක්ම ගොඩක් වටිනවා.හෙට පායන ඉර තියෙන්නේ දවල් දවසට විතරයි.ආපහු ඉර බහිනවා.මේ ජීවිතේ හැටි ඔහොම තමයි.ජීවිතේ විතරක් නෙවෙයි,මේ සංසාර චක්කරේම ඔහොම තමයි රනූ.
     ඇත්ත තමයි මේ ‍රැය ගෙවෙන්න තව කොච්චර කල් යයිද,ආයෙත් ඉරක් පායන්න කොච්චර කල් යයිද කියලා ඇඟිලි ගැන ගැන ඉන්නවට වඩා මේ ‍රැය අපිට පුළුවන් ලස්සනටම ගත කරන්න තමයි මම නම් හිතාගත්තේ.....

     ~මේ ගෙවෙන්නේ..අවසන් ‍රැයම වේ..
       ආයේ නම්...‍රැය අවසන් වේ....

  ඒ සිංදුව මං හිමීට මිමිණුවා.චතුර ඒකට අත්වැල් ඇල්ලුවා.


                                                                 මතු සම්බන්ධයි...................

3 comments:

Related Posts Plugin for WordPress, Blogger...