Thursday, September 20, 2012

බාඳුරා සිහිනය 22

පෙර කොටස බාඳුරා සිහිනය 21


"යමු මචං room එකට." මම ආයෙත් හැගීම්බර වෙනවා කියලා චතුර දැක්කා.ඒ නිසයි ඌ මට එහෙම කිව්වේ.මම චතුරට නොපෙනෙන්න හිනා වුණා.
         අපි ආයෙත් room එකට ආවා.චතුර නාගෙන එන්නම් කියලා bathroom එකට ගියා.මම ඒ අතරේ කල්පනා ලෝකේ.අද රෑ මාකස් එකේ ඉන්න තමයි මම plan කරලා තිබුණේ.මොකද හෙට උදේම trip එක යන නිසා.ඒකට අක්බාර් එකේ ඉඳලා එන්න අමාරුයි.
         මේ දවස් වල ගොඩක් ම ප්‍රසිද්ධ වෙලා තිබුණ තිලිණ දුලාජ් ගේ හදිසි අනතුර සම්බන්ධව හදපු වීඩියෝ එකේ එන සිංදුවක කොටසක් මට කොහෙන්දෝ ඇහෙන්න ගත්තා.

        ~ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ....
           දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ....
           ජීවිතයේ හැමදාමත් සැප ‍රැ‍ඳෙන්නෙ නෑ....
           සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවෙන්න බෑ....~

         ජානකගේ නම්බර් එක ආයෙත් dial කරා.අම්මේ..ඇති යන්තම්.4n එක වැඩ.ඒත් මේ මනුස්සයා ans කරන්නේ නෑනේ.හතරවෙනි සැරේ යන්තම් ans කරා.මම recording on කරා.

"හෙලෝ,ජානකද කතා කරන්නේ?"

"ඔව්,ජානක තමයි.කවුද ඔය?"

"මල්ලි මම රනුක් කියලා කෙනෙක්.මාව දන්නේ නැතුව ඇති ඔයා.මම අනුරාධපුරේ.මට පොඩි උදව්වක් ඕනි ඔයාගෙන්.ඔයා දැන් කථා කරන්න පුළුවන් නිදහස් තැනක නේද ඉන්නේ?"

"ආ...ඔව්.අවුලක් නෑ.මොකක් ගැනද?"



"මල්ලි මම ලක්මාලි අක්කත් එක්ක යාළු වෙලා හිටියා.ඒත් එයා එකපාරටම ගෙදරින් අකමැතියි කියලා affair එක උන්හිටි ගමන් නැවැත්තුවා.ඒත් මට ලොකු සැකයන් ගොඩක් තියෙනවා ඒ ගැන.මට ඔයා ගැන එයා කියලා තිබුණා.ඔයත් එක්ක තිබුණ affair එක බොරු රඟපෑමක් කියලා මට එයා කියලා තිබුණේ.මට හිතෙන්නේ ඒකත් බොරු කියලා.මොකද ඔයාගේ යාළුවෝ ටිකක් එක්ක මම කථා කරා.එයාල කිව්වා ඔයාලා ඇත්තටම යාළු වෙලා හිටියා කියලා."

"හරි හරි හරි.දැන් මමයි රශී අක්කයි ඇත්තටම යාළු වෙලා හිටියා හෝ නැතුව හරි ඔයාට දැන් ඒකෙන් ඇති වැඩේ මොකක්ද? දැන් ඒ affair එක නැතිනම් ඒ ගැන හොයන්නේ මොන කෙහෙල්මලටද?" සුපුන් ජානක ගැන කිව්ව දේ ඇත්ත තමයි කියලා මට හිතුණා.බල්ලට තේරෙන්නේ 'ඉජු' කිව්වම මිසක් 'එන්න ' කිව්වම නෙවෙයි නේ.මමත් පටන් ගත්තා ශිල්ප දක්වන්න.

"මේකනේ යකෝ.උඹට තේරෙන්නෙ නැති වුණාට මං ඒකිට බොක්කෙන්ම ලව් කර බං.ඒත් ඒක මාර shock එකක් වුණා ලව් එක break වුණාම.දැන් මට ඕනි ඒකි ගැන හැමදේම මම දන්නවා කියන එක ඒකිට කියන්න.ඊට කලින් මම හැමදේම දැනගෙන ඉන්න ඕනි නේ ................ .ඉතින් ඒකනේ ............ මම උඹට කතා කරේ."

"හරි හරි,අයියට මොනාද දැනගන්න ඕනි.?"
                 ආලවක දමනය.
"උඹයි රශීයි අතර වුණේ ඇත්තටම රඟපෑමක්ද නැද්ද?"

"පිස්සුද අයියා,මං හෙණ ගේමක් දීලා ඒකිත් එක්ක set වුණේ.ඒකි තමයි affair එක වහන්න ඔය බොරුව ඇදලා ගත්තේ.ඇත්තටම එහෙම කොල්ලෙක්ගෙන් අවුලක් තිබුණා තමයි.ඒත් මේක නම් real love එකක්.මගේ පැත්තෙන් නම් එහෙමයි.ඒකිගෙ පැත්තෙන් කොහොමද කියල දන්නේ ඒකිම තමයි."

"හරි.....එතකොට උඹල දෙන්නා බස් එකේ පෙම්මුල්ලෙත් ගියා....?"

"අනිවා."

"දවසක් උඹ ඒකිව ත්‍රීවීල් එකක දාගෙන කොහෙදෝ අරන් යනවා උඹේ යාළුවෙක් දැකලා තියෙනවා.ඌ මට ඒක කිව්වා.ඒක ඇත්තද?"

ලොකු හිනාවක් " ඒක නම්...බොරු.ඒත් කොහොමහරි ඒකි මට love කරා කියලා මට දැනුණා.ඒත් ඒකි 'රඟපෑම' කියන බෝඩ් එකෙන් ඒක වහන්න හැදුවා කියල මට තේරුනා."

"හරි හරි.."

"හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.ඒකි කාට හරි රිදවන්න හිතාගෙන එහෙම කරාද කියලත් මට හිතුණා.ඒත් අවසානේ ඒකි මට බලු වැඩක් කරේ.උන්හිටි ගමන් මාව අතෑරලා නිරාශයා එක්ක set වුණා.මට මල පැන්නා.මං ඌට ගහන්නත් ගියා.මේකි මාත් එක්ක හිටියට අවසානේ මං උන්නද මළාද කියලා හොයලා බැලුවේ නෑ.ඒකයි මට දුක.අනිත් එක ඕකිත් එක්ක මං set වෙලා හිටියා කියලා ගොඩක් අය දන්නවා.ඒ නිසා එක කෙල්ලෙක් වත් මං එක්ක set වෙන්නේ නෑ අයියා.පුළුවන් නම් මට කෙල්ලෙක් හොයලා දීපං කෝ."

"ඒක නම් එච්චර අමාරු නෑ.ඒත් ඉතින් අක්ක කෙනෙක් තමයි."

"අයියෝ,රශී මට වඩා අවුරුදු හතරක් වැඩිමල් කියලා උඹ දන්නේ නැද්ද අයියා."

"දන්නවා දන්නවා,එහෙනම් මං එකක් set කරන්නම් කෝ.දැන් මං නවතිනවා මල්ලි.thanks කිව්ව දේවල් වලට."

"ok ok bye"

"bye,බුදුසරණයි" මොන call එක කොහොම cut කරත් මගේ කටින් 'බුදුසරණයි' කියන එක කියවුණා.mission 2 එකත් මම මට ඕනි විදියටම complete කරා.

     call එක cut වෙනවත් එක්කම මම record එක save කරන්න save button එක click කරා.

         දෙයියනේ.......මම මෙච්චර අවාසනාවන්තද.......?

                                                                   මතු සම්බන්ධයි...............

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...