Sunday, September 23, 2012

බාඳුරා සිහිනය 25

පෙර කොටස බාඳුරා සිහිනය 24


      මුලින්ම රශීට එයාගේ පිහිටට කවුරුත්ම නැති කරන්න ඕනි.එයාගේ ළඟම යාළුවෝ හැමෝටම මේ කථාව කියන්න ඕනි.ඊටත් පස්සේ රශීට මේ දේවල් කියලා වෙන් වෙන්න ඕනි.රශී ඊට පස්සේ හෙමිහිට විඳවයි.
මම දිගින් දිගටම එහෙම හිතුවා.
   
      රශීගේ යාළුවෝ එක්කෙනෙක්,දෙන්නෙක්,තුන්දෙනෙක් ට මේ දේවල් බොහොම ලස්සනට පැහැදිලි කරලා දුන්නා.ඒ හැම කෙනාම රශීට කෙල ගහන තැනට වැ‍ටුණා.ඒ තරමට රශීව එපා වුණා එයාලට.

"චාටර්,මට අප්පිරියයි ඕකිව දැන්.."

"මම ආයේ ඕකිත් එක්ක කිසිම යාළුකමක් තියාගන්නෙ නෑ රනුක්."

"චික්,අප්පිරියයි බං.අපි හිතුවේ නෑ ඕකි ඔහොමයි කියලා."

      හැමෝටම රශීව එපා වුණා.ඒත් මම දිගටම රශීත් එක්ක msg කරා.තාමත් අපි හොඳ යාළුවෝ.මම තවත් එයාට ඇ‍ඟෙන්න ඇරියා මම තවම එයා වෙනුවෙන් දුක් වෙනවා කියන එක.මම යැව්වා msg එකක්.

               ~ මල්සරා විදින හීයට..
                  පි‍ටුපා ඈතට යන්නට..
                  මට බැරි වුව නුඹට හැකි වීදෝ..
                  වෙඬරු පිඩක් නොවී මටත්..
                  ගල් ගැහෙනා හැටි විතරක්..
                  කියලා දීල යනවදෝ....~

       මේකට එයා දුන්න උත්තරේ හරිම ප්‍රශංසනීයයි.පූජනීය පිවිතුරු ආදරයක අවසානයක් ගැන තවමත් මෙයා දොඩවනවා.

"ඔයා දන්නෙ නෑ මම විඳවන තරම්.ඔයා දන්නෙ නෑ මගේ මතකය මට රිදවන තරම්.ඔයා දන්නේ මට බනින්න.මම හොඳට මේ අවුල දිහා පිට ඉඳනුත් බැලුවා.මම ඔයාට ආදරෙයි රනූ තාම ආදරෙයි.ඒත් ඒ ආදරේට මරණ සහතිකයක් දීලා ඉවරයි.දැන් ඉපදි ඉපදි මැරෙනවා මමත්."

         නටපංකෝ තව ටික දවසක් ඔහොම.මේ සේරම මම උඹට කියන්නේ මට ඕනි පසුබිම මම හදාගත්තට පස්සේ.මේ දේවල් මම දන්නවා කියලා උඹ දන්නවා නම් උඹ මෙලහකටත් වහ කාලා.මම එහෙම හිතුවා.
         මම පසුබිම හැදුවා.රශීගෙ උදව්වට ඉන්න එක්කෙනා එක්කෙනා මගේ පැත්තට හරවගන්න මට පුළුවන් වුණා.අමුතුවෙන් හරවගන්න දෙයක් තිබුණේ නෑ.කථාවෙන් පොඩි කොටසක් වුණත් අහන කෙනෙක්ට රශී එපා වෙනවා.
        මේ හැමදේම මම රශීට කිව්වා කියලා මට ලැබෙන දේ මොකක්ද? මම මගෙන්ම ඇහුවා.

>රශීගේ plan එක මම දැනගත්තා කියලා රශීට කියන එක.
>රශී මට මෙහෙම බොරු කියන්න හේතුව.
>මගෙන් මිදිලා වෙන එකෙක් එක්ක යාළු වෙන්න හදන්න මගේ තිබුණ අඩුපාඩුව මොකක්ද කියලා දැනගන්න එක.
>තවත් කොල්ලෙක්ට මේ වගේ දෙයක් කරන්න එපා කියන එක.

     මේකේ අවසාන මෙහෙයුම ගැන මම එක එක විදියේ plan ගැහුවා.

plan number 1
   
       මේ වෙනකොට කැළුම් සහ මම අතර ගොඩක් සමීප මිත්‍රත්වයක් ඇති වෙලා තිබුණා.අපි දෙන්නට කථා කරලා සැලසුම් කරලා ඕනි වැඩක් කරන්න තරම් එකඟත්වයක් තිබුණා.මට කරපු 'බලු වැඩේ' ගැන කැළුම් වුණත් හිටියේ ගොඩක් හිත් වේදනාවකින් කියලා මට දැනුණා.

"උඹ තාමත් ඒකිට msg යවනවද?" මම.

"ඔව් බං.දැන් ඒකිට වෙනදට වඩා ගොඩක් කිට්‍ටු විදියට msg එවනවා."

"හරි මචං.එහෙනම් අපි මෙහෙම කරමු.උඹ දිගටම ඒකිට msg යවපන්.අගෝස්තු 29 වෙනිදට උඹ ඒකිගෙන් අහලා මාසයක් වෙනවා නේ.එදාට ආයෙත් අහපන්.බොහෝ දුරට උඹට කැමති වෙනවා sure.මොකද උඹට මාසයක් කල් දුන්නේ කැමති වෙන්න නේ.ඊට පස්සේ උඹ ඒකි එක්ක set වෙයන්.ටික කාලයක් යාළු වෙලා ඉඳලා,ඒකි ආදරේ උපරිමේටම එක්කගෙන ගිහින් ඒකි මට කරපු දේ උඹ ඒකිට කරපං.ඒකිට එතකොට තේරෙයි ආදරේ වේදනාව මොකක්ද කියලා."
        ඒත් ඒ plan එක කොච්චර දුරට සාර්ථක වෙයිද කියන එක මගේ හිත ප්‍රශ්න කරා.මොකද ආයේ ගලවන්න අමාරු වෙන විදියට ආදර ඇණේ ගහන්න ඒකි දන්නවා.එහෙම වුණොත් මගේ සැලසුමක් නිසා ඒක කැළුම්ට වෙන අසාධාරණයක් වෙනවා.මගේ සැලසුමකට කැළුම් ඉත්තෙක් වෙලා ඒකෙන් මම විඳපු දුක් කැළුම් විඳිනවට මම කොහෙත්ම කැමති වුණේ නෑ.මම වැ‍ටුණු වලේ තවත් කොල්ලෙක් දැන හෝ නොදැන දාන එක ජරා වැඩක් කියලා මගේ හිත කිව්වා.


plan number 2
     
        කැළුම්ව මේ සටනින් අයින් කරලා මම ම මේ සටන ගෙනියන්න තීරණය කරා.ඒත් කොහොමද කැළුම්ව අයින් කරන්නේ.......? කැළුම්ට මේකෙන් අයින් වෙන්න නම් මොකක් හරි සාධාරණ හේතුවක් හිතන්න ඕනි.මට එක සැරේ කිසිම හේතුවක් හිතාගන්න බැරි වුණා.මගේ හොඳම යාළුවෙක් කවිශ්ක.මම එයා එක්ක මේ ගැන කථා කරා.කොහොමද කැළුම්ව මේ track එකෙන් අයින් කරන්නේ.කැළුම්ට මේකෙන් අයින් වෙන්න අපි උදව් කරන්නේ කොහොමද?
      කවිශ්ක මට හොඳ සැලසුමක් දුන්නා.රශීගේ faculty යේ අය දන්න රශීගේ affair එක මේකට ඉත්තෙක් කරගන්න කියන එක කවිශ්ක මට යෝජනා කරා.
ඔව්.ඒක හොඳ සැලැස්මක්.

     කැළුම් අහනවා රශීගෙන් "ඔයා කීදෙනෙක් එක්ක යාළු වෙලා හිටියද?"
     රශී ඕකට දෙන උත්තරේ 2යි හෝ 3යි කියල.කීයටවත් එයා faculty යේ එක ගැන කියන්නේ නෑ.
     එතකොට කැළුම්ට තියෙනවා රශීගෙන් වෙන් වෙන්න හේතුවක්.
     campus එකේ affair එක ගැන සත්‍ය වසන් කිරීම.

     කැළුම්ට රශී ගෙන් වෙන් වෙන්න මේ කිසිම දෙයක් ඕනි නෑ කියන එක කැළුම් මට අවධාරණය කරා.මම ගැන හැමදේම එයා දැනගත්තා කියන එකම ඒකට ප්‍රමාණවත් කියලා කැළුම් කිව්වා.ඒත් ඒකෙන් මම මෙච්චර අමාරුවෙන් හොයාගත්ත දේවල් රශී එක සැරේ දැනගන්නවා.ඒකට මම කැමති වුණේ නෑ.එයාට ලොකු return එකක් තියෙන්නම ඕනි මට කරපු දේට ඒකයි මම වෙනත් කරුණක් ගොඩනගන්න හිතුවේ.

"ඉතින් කැළුම් රශීගෙන් වෙන් වුණා.ඊට පස්සේ....." මගේ හිත මගෙන්ම ඇහුවා.
      ඊට පස්සේ රශීට දැනෙන්න ගන්නවා පාළුව,තනිකම.දැන් එයාට msg කරන්න,call කරන්න කැළුම් නෑ.ඊට පස්සේ මට ලේසියෙන්ම පුළුවන් ආයෙත් රශීව ලංකරගන්න.

                                                         
                                                              මතු සම්බන්ධයි.........................

4 comments:

  1. දයාබර රණුක් සත්තකින්ම ඇයගේ මුලාවක නුබ පැටලී ගිය බව මට වැටහෙයි මගේ යාළුවා.ලක්මාලි මනුස්ස දියණියක්ද?සැබවින්ම එය මට ගැටළුවකි...

    ReplyDelete
  2. මටත් ඔහොමම හිතුණා බං.රනූටත් ඒක හිතෙන්න ඇති නොකිව්වට.

    ReplyDelete
  3. Replies
    1. භයානකයි නේන්නම්....:D

      Delete

Related Posts Plugin for WordPress, Blogger...