Tuesday, September 4, 2012

බාඳුරා සිහිනය 6

පෙර කොටස බාඳුරා සිහිනය 5


    මෙන්න මේවා තමයි මං දාපු කොන්දේසි දෙක.

1)ඔයා ගණිකාවක් වුනත් කමක් නෑ රශී.මට ඔයාගෙ අතීතෙ  හැම ඇත්තම කියන්න ඕනි.
2)ඔයාට දවසක මාව එපා වෙන කෙනෙක් ලඟට යන්න හිතුනොත් එදාට මට ඇත්ත කියලා ඔයා යන්න.

       කෙනෙක්ට හිතෙයි මේ දේවල් අතිශයෝක්ති නේද කියලා.ඔව්.තරමක් දුරට ඇත්ත වෙන්න පුලුවන් කෙනෙක් හිතන විදිය අනුව.ඒත් මං ඒ දේවල් කිව්වේ ඇත්තටමයි.මොකද සත්‍යවාදී බව තමයි මං මේ ලෝකෙ වැඩියෙන්ම අදහන දේ.
"ඔයා මට කවදාවත් බොරු කියන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න රශී..."
"ම්.....එහෙම බෑ."
"ඒ මොකද?"
"රනූ...අපි දෙන්නගෙම හොඳට එහෙම පොඩි බොරුවක් කියන්න වුනොත් ඒ වෙලාවට බොරු කියන්න වෙනවනේ."
"හ්ම්...හරි හරි බබා.අනිත් හැම වෙලේම ඇත්ත කියන්නකෝ..."
"හ්ම් හ්ම්...."

      මගෙත් එක්ක chat කරනකොට එයා පරක්කු නිසා දවසක් මම නිකමට රශීගෙ account එකට ගියා. සෑහෙන්න ලොකු ප්‍රශ්නයක්.මෙයා අඳුරන්නෙම නැති කොල්ලොත් එක්ක chat කරලා තියෙනව මුලින් hai කියලා.

      මට ඒක නිකන් අමුතු විදියට දැනුනා.සාමාන්‍යයෙන් කෙල්ලෙක් මුලින් hai කියන්නේ අඳුනන කොල්ලෙක්ට විතරනෙ.
ඒත්............
  රශී fb එකට අලුත්.ඒ නිසා එයාට මේක කියලා දෙන්න ඕනි.මම එහෙම හිතුවා.
මම ඒක කිව්වම රශීත් ඒක පිළිගත්තා.ප්‍රශ්නයක් නෑ.ආයේ එහෙම නොවේවි.මං එහෙම හිතුවා.

දැන් fb විස්තරෙන් දිනපොතට.......
හිතෙන් ගලන අදහස් පොතක ලියනකොට හරිම අපිළිවෙලයි.
~රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ..
   අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ..~

අගෝස්තු 2
           එයා ටික ටික මගෙන් ඈත් වෙනවා වගේ දැනුනා.සමහරවිට එයා මට අඩුවෙන් msg එවනවා කියලා මම එයත් එක්ක නිතර රණ්ඩු වුණ නිසා එයා තවත් ගණන් උස්සනවද කියලත් මට හිතෙනව.මුලදි එයාගෙන් අහපු ගොඩක් කොල්ලො ගැන මට කිව්වෙත් එයා ගණන් උස්සන ජාතියේ කෙල්ලෙක් නිසාද දන්නෑ.
මගේ හිතේ එක එක සිතුවිලි...

අගෝස්තු 4
            මගෙන් එයාට msg 47යි.
            එයාගෙන් මට msg 12යි.
            අද මම බොහොම අමාරුවෙන් රශීව call එකකට අල්ලගත්තා.දවස් 4කට විතර පස්සේ.

"ඇයි රශී ඔයා මට මෙහෙම කරන්නේ.ඇයි දැන් ඔයා මාව ගණන් ගන්නේ නැත්තේ.plz මටකියන්න.   මොකක්ද  ප්‍රශ්නේ. "
"එහෙම දෙයක් නෑ බබා.ඇත්තටම එහෙම දෙයක් නෑ.ඒ ඔයාට දැනෙන හැටි වෙන්න ඇති."රශීගෙ කටහඬ   ඇහුණමත් මගේ හිත නිවුණ වගේ.

"නෑ රශී.මට ඔයාගේ වෙනසක් දැනෙනවා.plz කියන්න මගෙන් ඔයාට මොකක් හරි වරදක් වුණාද?" මට ඇත්තටම ඇඬුණා.ඇඬුණේ මට මං ගැනම දුක හිතිලා.මේ ගැන හිතලම පහු ගිය දවස් ටිකේම හරියට කෑමක් නෑ.ඉතින් දෙයියනේ ඇයි මෙයාට මගේ දුක නොතේරෙන්නේ....

"රනූ..අඬන්න එපා.අඬලවත් නොකා නොබී ඉඳලවත් ප්‍රශ්න විසඳන්න බෑ.ඇතෙක් වගේ ජීවිතේට මූණ දෙන්න"
දෙයියනේ..මට පුදුම හිතුනා.තමන් ආදරේ කරන කෙනා අඬනකොට තමන් හිත හයිය කරන් ඉන්නේ කොහොමද.පුදුමයි.මොන දේ වුණත් චූටි අඬන වෙලාවට මටත් ඉබේම ඇඬෙන්න එනවා මං කොල්ලෙක් වෙලත්.ඒකයි මං චූටි මගෙන් ඈත් කරන දවසේ මං එයාව meet වෙන්න නොගියෙත්.ඒ හැමදේම මං 4n එකට බාර දුන්නේ ඒකයි.
ඒත් රශී..........
හරි පුදුමයි.
                     
                                                     මතු සම්බන්ධයි.....................

4 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. bandura dream 7 kawadda enne...........

    ReplyDelete
  3. ඔන්න බාඳුරා සිහිනය 7ත් ආවා.මේක දවස ගානෙ update වෙනවා හොඳේ.

    ReplyDelete
  4. මගෙන් එයාට msg 47යි.
    එයාගෙන් මට msg 12යි.

    අයියෝ සංසාරේ... :(

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...