Wednesday, September 26, 2012

බාඳුරා සිහිනය 27

පෙර කොටස බාඳුරා සිහිනය 26


      මම හිටගෙන ඉන්න තැනට මගේ හිතවත් අයියා කෙනෙක් ආවා.

"මල්ලි මොකක් හරි ප්‍රශ්නෙකින්ද?"

"අනේ නෑ අයියේ.ඇයි එහෙම අහන්නේ...?"

"ඇයි මල්ලි ඔයාගේ අත් දෙක වෙවුලන්නේ..?" එතකොට මට මං ගැනම ලැජ්ජ හිතුණා.මගේ අත් වෙවුලනවා නේන්නම්.මම ඉක්මනට අත් බැඳගත්තා.මට තේරුණේ නෑ මගේ හිතේ තියෙන මේ හැඟීම මොකක්ද කියලා
දුක,තරහ,බය,උනන්දුව,නොඉවසිල්ල හැම දෙයක්ම එකට කැටි වෙලා.
        තමන්ගේ ආදරවන්තියගේ හැම අඩුපාඩුවක්ම දැනගත්ත ආදරවන්තයෙක්,තමා රවටනු ලැබීය යන හැඟීමකින් මිරිකෙන ආදරවන්තයෙක් තමන්ගේ ආදරවන්තිය බොහොම ආදරණීය විදියට පිළිගන්න බලාගෙන ඉන්න පළමු සහ එකම අවස්ථාව රනූ රශී එනකං බලං හිටපු එක වෙන්න ඇති.

        1.45 ත් වුණා.තාම රශී නෑ.මම call කරා.

"අනේ රනූ.බස් එක පරක්කුයි.දැන් ළඟයි."

     
         1.50 වෙනකොට රශී ආවා.

         රශී දකිනකොට මට හිතං හිටපු හැම උපේක්ෂා සහගත සිතුවිල්ලක්ම ආපහු පිළිකුලක් බවට පත් වුණා.මට රශී දිහා බලන්නවත් හිතුණේ නෑ.ඒත් අපි කථා කරගත්ත නිදහස් තැනට රශී එක්ක යන අතරේ මම ආපහු මගේ මනස නිරවුල් කරගත්තා.නාගරික උද්‍යානය,ඒ බංකුව මට කවදාවත් අමතක වෙන එකක් නෑ.රශීට තිබුණ හැම ආදර හැඟීමම හදවතින්ම අවසාන වතාවට කියන්න මට එතනදී අවස්ථාව ලැබුණා.
දෙන්නම වාඩි වුණා.
රශී නිහඬයි.
මම පටන් ගත්තා.

"මට තේරෙන්නේ නෑ මේක කොහොම පටන්ගන්නද කියලා.මේකට තරහ ගන්න එපා ඔයා.කේන්ති ගන්නත් එපා.ඒත් අද මේ කියන දේ ගොඩක් වැදගත් වෙයි ඔයාගේ ජීවිතේට.අද මං කරන්නේ lecture එකක්.lecture එකක් මැදදී ළමයි කෑගහන්නේ නෑ නේ.ප්‍රශ්න අහන්න අවස්ථාව දුන්නම විතරක් කථා කරන්න." මේ අවස්ථාවේ ඉදිරි මොහොත මොන වගේ වෙයිද කියලා හිතාගන්න අමාරු නිසා හිනාව පිරුණු කථාවකින් මේක පටන්ගන්න හිතුවා මම.ඇත්තටම රශීට හිනා ගියා.තාමත් ඒ හිනාවට මම යට වෙනවා වගේ මට දැනුණා.

"දැන් ඔයා හිනාවෙනවා.ඒත් තව ටිකකින් ඔයා අඬයිද තරහ ගනියිද කියන්න මම දන්නෑ."

"නෑ නෑ.මං අඬන්නේ නෑ රනූ.ඔයා කියන්නකෝ." ඒ වචන වල නම් ලොකු ධෛර්්‍යයක් තිබුණා.

"ඔයා දැන් ඔය විදියට මගේ දිහා බැලුවට,පස්සේ බලයිද දන්නේ නෑ."

"බලනවා අනේ.ඔයා කියන්නකෝ."

"ඔයා මේ affair එක එකසැරේ නවත්තපු එක මට සෑහෙන්න ප්‍රශ්නයක් වුණා,ඔයා 29 ඉඳන් එක දිගට වෙනස් වුණා.msg අඩු වුණා.call වලට ans කරේ නෑ.29 වෙනිදා ඉඳන් 8 වෙනිදා වෙනකං මම වි‍ඳෙව්වා."

"ඉතින් ඔයා දන්නවා......."

"හෝ හෝ.බාධා කරන්න එපා."

"ඔයා එක සැරේ නවත්තමු කියලා එවපු msg එක පවා මට සැකයක් වුණා." මේ වෙනකොට රශීගේ මූණේ හිනාව ටිකෙන් ටික මැකිලා කේන්තියේ වලාකුළු එන්න පටන් අරන්. "ඔයාට කේන්ති යනවා නේද මේ ටිකට.ඉස්සරහට ඔයා මට ගහයිද දන්නේ නෑ."

"ඔයාට තියෙන්නේ කථාව කියන්න.මට තියෙන්නේ කථාව අහන්න." රශී අවධාරනය කරේ කේන්තියෙන්.

"affair එක නවත්තපු දවසෙම හවස ඔයාගේ යාළුවෙක්ගෙන් මට දැනගන්න ලැබුණා campus එකේ ඔයාගේ තිබුණ දවස් දෙකක affair එක."

"කවුද යාළුවා..?"

"ප්‍රශ්න නෑ.ඒ යාළුවා ඔයාගේ හිතවත්ම කෙනෙක්.ඔයා ගොඩක් ගරු කරන කෙනෙක්.මං එදාම ඔයාගෙන් ඒක ඇහුවම එහෙම එකක් තිබුණේ නෑ කිව්වා."

"එහෙම එකක් තිබුණේ නෑ තමයි." දැන් රශීට කේන්ති ගිහින්.මට ඒ affair එක තිබුණා කියලා ඔප්පු කරගන්න සාක්ෂි තිබුණේ නෑ.ඒ නිසා එයා කියන දේ මොහොතකට විස්වාස කරා කියලා මම පෙන්නුවා.

"ඔයා කිව්ව එකම බොරුව ඒක නෙවෙයි කියලා මට හිතුණා.ඉතින් බිඳිලා තිබුණ මගේ හිත හදාගන්න මම නොයෙක් දේ කරා.ඔයා ගැන තවත් හොයන්න පටන් ගත්තා.හිත හදාගන්න මම දන්න එකම ක්‍රමය වෛර කරන එක.ඉතින් ඔයාට වෛර කරන්න නම් ඔයාගේ නරක හැම එකක්ම හෙව්වා.ඔයා කියපු ගොඩක් දේ හිතන්න ගත්තා.
     ජානකයි ඔයාගෙයි affair එක ගැන මට ලොකු සැකයක් තිබුණා.කෙනෙක්ට පේන්න තවත් කෙනෙක් එක්ක බොරුවට affair එකක් පටන්ගන්නේ,එහෙම රඟපාන්නේ film වල.මට එහෙම හිතුණා.ඉතින් මම ඒ ගැන හෙව්වා.මගේ හොඳම යාළුවෙක්ගෙන් මට ඒකට උදව් ලැබුණා.ජානකගේ යාළුවෝ ගොඩක් meet වුණා.ජානකව meet වෙන්න බැරි වුණා.ඒත් මම එයාට call කරා.එතකොට මට අදහගන්න බැරි කථා ගොඩක් අහන්න ලැබුණා.ඔය දෙන්නා අතරේ තිබිලා තියෙන්නේ real affair එකක්.ඒක මට ජානකගේ කටින්ම අහගන්න වුණා.ඔයා එයාත් එක්ක බස් එකේ පෙම් මුල්ලෙත් ගිහින් තියෙනවා." මේ වෙනකොට රශීගේ මූණට ලොකු කේන්තියක් ඇවිත්.මූණට අබ දැම්මත් පුපුරන තරම් කේන්තියක් රශී ගේ මූණේ තිබුණා.මගේ මූණට ලාවට හිනාවක් ආවා.

"ඒක බොරු රනූ.ඒක බොරු.ඔය කථා කරේ ජානකමද කියලා sure කරන්න පුළුවන් ද.අනික ජානකගෙයි මගෙයි ඇත්ත affair එකක් නෙවෙයි තිබුණේ දෙයියනේ ඇත්ත එකක් නෙවෙයි." මට ඒ සාක්ෂිය අහිමි වුණ වේදනාව ආයෙත් දැනෙන්න ගත්තා.ඒත් මට තවත් එක දෙයක් පෙන්නන්න පුළුවන්කම තිබුණා මේ කරුණට සම්බන්ධව.
       මම ජානකගේ 4n නම්බර් එක රශීට පෙන්නුවා.

"දැන් මොකද කියන්නේ?"

"ඔය නම්බර් එක වැඩ කරන්නේ නෑ.මේ රඟපෑම කරන්න මමයි ජානකයි sim දෙකක් ගත්තා.ඔය මගේ නම්බර් එක.ඒක දැන් තියෙන්නේ ජානකගේ චූටි අයියා ළඟ.ඔයා කථා කරන්න ඇත්තේ ජානකගේ චූටි අයියා එක්ක."

"නෑ.මට sure.ඒ කථා කරේ ජානකම තමයි." මම බොල් තර්කයක් ඉදිරිපත් කරා.


                                                             මතු සම්බන්ධයි..............................

3 comments:

  1. ubata oita vadaa plan karala sakshi athuva yanna thibbe.....
    addzzz

    ReplyDelete
  2. paw kolla.........

    ReplyDelete
  3. man hithanneth ranu shakthimath tharka ekka giya nam meeta wada hondai kiyala.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...